ප්‍රියන්තගේ ඝාතකයන් වෙනුවෙන් පෙනීසිටීම දිස්ත්‍රික් නීතිඥ සංගමය ප්‍රතික්ෂේප කරයි

ලෝකයම කම්පා කරමින් සියල්කොට් හිදී සිදුකල ප්‍රියන්ත කුමාරගේ සමූහ ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සියල්කොට් දිස්ත්‍රික් නීතීඥ සංගමය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පකිස්ථාන් මාධ්‍ය වාර්තා කරයි.

සියල්කොට් දිස්ත්‍රික් නීතීඥ සංගමයේ විසින් නියෝජිත පිරිසක් පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හමුවී ශෝකය කර ඇති අතර ඊයේ (08) පැවති රැස්වීමේදී එම සංගමය මෙම තීරණය ගෙන තිබේ.

එසේම නීතීඥ සංගමයේ ප්‍රධානී, සෙනෙට් සභික සයිඩ් අලි සෆාර් ප්‍රකාශ කළේ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දී යුක්තිය සහතික වන තෙක් නඩුවේ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නීතිඥ සංගමය කැපවී සිටින බවය.

Leave A Reply

Your email address will not be published.

nineteen + 16 =