පෞරාණික රසය මුසු බස්වහරකින් ලියැවුණු ‘වෑ කඩවර’

මේ ලේඛකතුමාව මට මුණගැහෙන්නේ ‘නිර්ගාමී’ නවකතාවත් එක්ක.
‘නිර්ගාමී’ හි කතාවට පසුබිම් වන ගමේ, කලින් සිදුවුණු සිදුවීම් පෙළක් ගැනයි මේ පොතේ ලියවෙන්නේ කියලා දැනගත්ත වෙලේ ම, මේකත් කියවන්න උනන්දුව ඇති වුණා.
හැබැයි, මේ පොත නොකියවීම නිර්ගාමී කියවීමට බාධාවක් වෙන්නේ නම් නෑ.

‘වෑ කඩවර’
1818 කැරැල්ල අවසන් වෙන්නේ සෑහෙන පිරිසකට මරු කැඳවමින් වගේ ම ඉංග්‍රීසීන් අතින් ගම්මාන පවා විනාශ වෙමින්.
එහෙම විනාශ වීමේ අවදානමක් තියන ගම්මානයකින් පළායන පිරිසක් එක්ක තමයි මේ කතාව ඇරඹෙන්නේ.
ඔවුන් මහවනාන්තරය මැදින් කරන ගමන අවසන් වෙන්නේ, වල් බිහිවුණ පුරාණ වැවක් අද්දර තනාගන්නා ගමක නව පදිංචිය පටන්ගනිමින්.
මේ පිරිසේ නායකයා, ගමේ හිටිය නිලමක්කාරයා, බෝගමුව නිලමේගේ අදහසින් අර නටබුන් වැව ආයෙමත් පිළිසකර කරන්නට ගැමියන් එක් වෙනවා.
ඒ තවත් අපූරු සිදුවීම් පෙළක ආරම්භය විතරයි…
.
එක විදියකින් සරල වගේ ම, තවත් විදියකින් පෞරාණික රසය මුසු බස්වහරකින් මේ කතාව ලියවෙනවා.
පරිසර වර්ණනා ආදියත් එක්ක හෙමිහෙමින් පටන්ගන්න කතාව, විඩාවකට ඉඩක් නොතබමින් වේගවත් අවසානයක් කරා පාඨකයාව ගෙනයනවා.
කතාවේ ප්‍රධාන චරිතය වෙන බෝගමුව නිලමේගේ දැඩි ඉංග්‍රීසි විරෝධයත්, ඔහුගෙන් පසු පරම්පරාව නම්‍යශීලී විදියට රටේ නව වාතාවරණයට අනුගත වීමත් අතර හටගන්නා ගැටීම රසවත් එකක්.
මේ චරිතවල ඉරණම අනපේක්ෂිත තැනකට ගෙනයන්නත් ලේඛකතුමා සමත්…

– අරුණ අහස් රත්නායක
අහස්ගෙන් රහස් (කියවන පොතක නොකියවෙන කතාවක්) #85

Leave A Reply

Your email address will not be published.

sixteen + six =