ළහිරු කිතලගමගෙ මුද්‍රිත ශ්‍රමයෙ බර අපි අතට අරගෙන බලමු. “චුට්ටා” වාරියපොළ ‘තිඹිරි ගෙදර’ දී

කැම්පස්එකේදී ළහිරු කවුඩා වුණා. පත්තරවලට කවි ලියනව කියලත් ආරංචි වුණා. සමහර කවි කියවන්නත් ලැබුණා. ඉඳල හිටල අපි අතරෙ කවි පොත් හුවමාරු වුණා. උගෙන් ඒ දවස්වල කියවල දෙන්නම් කියල ඉල්ලගත්ත, පරාක්‍රම කොඩිතුවක්කුගෙ මහතෙක් සිටී හොඳින් පොත තාම මගේ ළඟ. කොහොම හරි ඔහොම කාලෙ ගෙවිල ගියා. මං කැම්පස්සෙකෙන් අවුට් වුණා. 2011 විතර දවසක කවුඩා මල්ලිගෙන් කෝල් එකක්. එතකොට පොර තර්ඩ් ඉයර් වෙන්න ඕනෙ.

“අයියෙ, මගේ පළවෙනි කවි පොත එළි දක්වනව. කැම්පස් එකේමයි වැඩේ තියෙන්නෙ. ඔයත් එන්න.”

එන්නම් කියල පොරොන්දු වුණාට යන්න බැරි වුණා. හැබැයි වැඩේ ලස්සනට තිබිල තිබුණ. ඒ තමයි පිනි දිය වැස්ස. කොල්ලගෙ පළවෙනි පොත. ඊට ටික කාලෙකට පස්සෙ මිනිහත් කැම්පස්සෙකෙන් අවුට් වුණා. මං හිතන්නෙ අපි ගොඩක් සමීපව ඇසුරු කරන්න පටන් ගත්තෙ ඊට පස්සෙ වෙන්න ඕනෙ. පොත් එළිදැක්වීම්, සාහිත්‍ය උත්සව, මාධ්‍ය වැඩ කටයුතු අස්සෙ අපි නිතරම හම්බ වුණා. ළහිරු කවුඩා වෙලා කවුඩා කිතලෙ බවට රූපාන්තරණය වුණේ ඔය හමුවීම් සහ සංවාද මැද්දෙන්. අයිය මල්ලි කතන්දර නැතුව එකට ශොට්ටෙකක් දාල බදාගන්න පුළුවන් ෆිට්ටෙකක් අපි අතරෙ දලු දාල වැඩුණ.

කිතලෙ බොහොම හෙමින් සහ ඉවසිල්ලෙන් තමන්ගෙ ලියැවිල්ල අභ්‍යාස කළා. අවුරුදු හයකට පස්සෙ 2017දි කවුළු ඇස පාමුල නමින් එළියට එන්නෙ ඒ වෙහෙස තමයි. රජත පුස්තක සම්මානය ළහිරු කිතලගමව උඩට උස්සල පෙන්නුව. හැබැයි මිනිහ තාමත් පොළොවෙ පය ගහගෙන කවි ලියනව. ඔය අතරෙ කළු සමනලයා කියල තීරු ලිපි පොතක් එහෙමත් කළා.

හරි, දැන් කතාව මෙහෙමයි. ළමයි වෙනුවෙන් ලියන්න ඕනෙ කියන එක මෑන්ස් කාලෙක ඉඳල කියන කතාවක්. ඇත්තටම ඒක කාලයක් තිස්සෙ අපි ගොඩක් දෙනෙක් අතරෙ තියෙන සංවාදයක්. ඉතින් දැන් කිතලෙ තමන් ඒ කියපු දේ ලියල පෙන්නල. මිනිහ යොවුන් නවකතාවක් ලියල. නම චුට්ටා. චුට්ටා කියවද්දි අපේ පොඩි කාලෙත්, ගමේ ජීවිතයත් ලොකුවටම මතකෙට ආව. ඒව ගැන වෙනම දවසක් දාගෙන කතා කරන්න ඕනෙ. ඒ සංවාදෙ දැනට ටොනික් මූඩියක් යට නවල තියමු.

මේ එකොළොස් වෙනිද, ඒ කියන්නෙ එන සෙනසුරාදා ‘චුට්ටා’ නිල වශයෙන් සහෘදගත වෙනව. වැඩේ තියෙන්නෙ වාරියපොළ තිඹිරි ගෙදර. කොළඹින් ටිකක් දුර. කාලයත් සෑහෙන්න නපුරුයි. ඒත් යන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉඩක්, වෙලාවක්, පුළුවන් කමක් තියෙන අය එන්න. ළහිරු කිතලගමගෙ මුද්‍රිත ශ්‍රමයෙ බර අපි අතට අරගෙන බලමු. ඒ ගැන කතා කරමු

– කසුන් සමරතුංග

(කසුන් සමරතුංග මුහුණු පොතට ලියන ලද දිගු ලිපියකින් කොටසක්)

Leave A Reply

Your email address will not be published.

3 × 3 =