“දෙවැනි ගැහැනිය” සීමා මායිම් ඇතිව මහවැලි කේන්ද්‍රයේදී 11දින හමු වෙමු..

” “දෙවැනි ගැහැනිය” එළි දැක්ම වෙනුවෙන් සුහද හමු වීමක් 11 වන සෙනසුරාදා (අනිද්දා) සවස 2 සිට 5 කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විමට කටයුතු යොදා ඇත්තෙමු. පවතින අපහසු තත්ත්වය ඒ හමුවීම සිමා මායිම් අතරේ රැදී සිටිමින් පැවැත්වීමට අපට සිදුව තිබේ.
ඔබේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි.”

(මංජුල සේනාරත්න විසින් රචිත “දෙවැනි ගැහැනිය’ කෘතිය එළිදැක්වීම, 2021-12-11 සෙනසුරාදා දින සවස 2.00 සිට 5.00 දක්වා කාලය තුළ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.)

වැදගත් කරුණු කිහිපයක් ,
1. සියලුම සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුකූලව මෙය පැවැත්වෙන අතර මීට සහභාගී වන අය මුව ආවරණ පැලඳ පැමිණීම අනිවාර්යය අතර, කිසිදු මොහොතක මුව ආවරණ ඉවත් නොකළ යුතුය. (අඩුම තරමේ සෙල්ෆි ගැනීමට හෝ ඉවත් කළ නොහැක.) රටේ වර්තමාන තත්ත්වය අනුව පාඨක ඔබ වගකීමෙන් යුතුව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

  1. අවස්ථාවට සහභාගී වන ඔබ එහි දිගු වේලාවක් රැඳී නොසිටිනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වන්නෙමු. ලේඛකයා හමු වී කතාබහ කොට කෘතියට සමරු සටහනක් යොදාගෙන ඉවත්ව යෑම මඟින් ලේඛකයා මුණගැසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින පාඨක සැමට කරදරයකින් තොරව එය සිදු කරගැන්මට හැකි වනු ඇත.

  2. ඔබ
    Lavender Scented Limited Edition පිටපත් සඳහා මුදල් ගෙවා වෙන්කරවා ගැනීමක් කර ඇත්නම් හෝ සාමාන්‍ය ජැකට් කවර මුද්‍රණය සඳහා පෙර ඇනවුම් ලබා දී ඇත්නම් හෝ,
    එකී කෘති දොරට වැඩුමේදී ලබා ගැනීමට අදහස් කරන්නේ නම්;
    අද (09/12/21) සහ හෙට (10/12/21) උදෑසන 10.00ත් සවස 4.00ත් අතර 0741007062 අංකයට දුරකථන #ඇමතුමක් ලබා දී ඒ බව පවසා තහවුරු කරන මෙන් ඉල්ලා සිටිමු. ලිමිටඩ් එඩිෂන් පිටපත්වල මිලදී ගන්නා අයගේ නම ලියා සමරු සටහන යොදන බැවින්, දොරට වැඩුමෙන් පොත ලබා ගැනීමට බලාපොරොත්තු වන බව තහවුරු කරන අයගේ පිටපත් #පමණක් එහි ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. (ඔබමොබ ප්‍රවාහනය කිරීම නිසා කෘතිවලට හානි වීම වළකාගත යුතුව ඇත.)
    පෙරඇනවුම් ලබා #නොදුන් අයට එහිදී සාමාන්‍ය කවර මුද්‍රණය මිල දී ගැනීමට හැකිය.
    මෙම උපදෙස් අනුගමනය කිරීම මඟින්, ඔබ අප සැමගේ වටිනා කාලය නාස්ති නොකරගෙන, සෞඛ්‍යාරක්ෂිතව මෙම දොරට වැඩුම සිදු කිරීමට හැකි වන අතර ඒ සඳහා පාඨක ඔබගේ උපරිම දායකත්වය බලාපොරොත්තු වන්නෙමු.

Leave A Reply

Your email address will not be published.

18 − sixteen =