“රටට ආදරය කරන අවංක පිරිසක් සමඟ පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

- මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන

දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන අවංක, පිරිස් මෙරට දේශපාලනය කරන අය අතර සිටින බවත් ඔවුන් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය, පොහොර, ගෑස්, බඩුමිල ආදී සියලු ගැටලු සම්බන්ධයෙන් කිසිවකුත් ඇඟ බේරා නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් රජය සිය වගකීම ඉටු කළ යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (8) පැවති රණවිරු ප්‍රතිභා ප්‍රණාම සම්මාන උළෙලට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

වත්මන් රජයේ මන්ත්‍රීවරයෙක් දැයි සිතාගත නොහැකි ලෙස ඔහු පැවසුවේ, රටේ ගොවි ජනතාව තවමත් පොහොර නොමැතිව දුක්ඛිත තත්වයක පසුවන බව කී හිටපු ජනාධිපතිවරයා සෑම තැනකම ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටින බවය.

රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බව ද, ඒ සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තම පක්‍ෂය කටයුතු කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.

twenty − seven =