අහු නොවී කෙලින් යන්න කතා කරන ‘කකුළුවෝ සහ මකුළුවෝ’ මුහුරත් උළෙල

9

තම නිවෙස්වල, ගම්වල පරිසරයෙන් මුල් සිඳගත් යොවුන් පිරිස් බොහෝ විට අපට පෙනෙන්නේ පිටස්තරයින් විදිහට. එහෙම වුණත් එකී බොහෝ අය එහෙම මුල් සිඳ ගන්නේ ඔවුන්ගේ උවමනාවට නෙමෙයි. පෙනෙන, නොපෙනෙන අප්‍රමාණ සමාජ දේශපාලනික සාධක ගොඩක ප්‍රතිඵල තමයි ඒ.

අනෙකන් පසින් බලනකොට මෙකී පිරිස සමාජයට සහ පවුලටත් ආගන්තුක විදිහට පේන්නේ හැමෝම යන සාම්ප්‍රදායික මගේ නොයන සහ වෙනත් කල්පනා ඇති අයවලුන් වීම හින්දයි.

පවුලට, ගමට විතරක් නෙමෙයි නගරය කියල අපි හිතාගෙන ඉන්න අඩවියටත් ආකාස්මික වෙන, අමුතු කියල හිතෙන චරිත වල තියෙන අපූරු උවමනාවන්, කල්පනාවන් සහ ගැටුම් එකතු වුණු රූපවාහිනී නාට්‍යමය අත්හදා බැලීමකට පසුගිය 02 වෙනිදා මුල් පියවර තැබුණා. ඒ තමයි කකුළුවෝ සහ මකුළුවෝ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල.

කකුළුවෝ සහ මකුළුවෝ සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ අධ්‍යක්ෂණයක්. රවීන්ද්‍ර ප්‍රියදර්ශනගේ නිෂ්පාදනයක්. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නයෝමි තක්ෂිලා, වොල්ගා කල්පනී, දිලිනි ලක්මාලි තිරිමාන්න, උදයන්ති කුලතුංග, ටීනා ෂනෙල්, සමන්ති ලැනරෝල්, අයේෂා දිසානායක, රුවන් වික්‍රමසිංහ, ගංගා වැලිවත්ත, දිනිඳු ඒකනායක, අංජන ප්‍රේමරත්න, කැලූම් ශ්‍රී, චතුරංග කාංචන, සුරංගි කොඩිතුවක්කු, ගායක දිනේෂ් තරංග, නිවේදක තිළිණ ද සිල්වා, වාදක ජනක කල්තොටගේ ඇතුළු ශිල්පීන් රැසක් මේ සඳහා දායකත්වය සපයන අතර  ‘අපේ ටීවී ඇකඩමි’ හි පුහුණුව ලැබූ සියාරා  ගඟුලි සහ චාරුක ඇතුළු ළමා නළු නිළියෝ කිහිප දෙනෙක් ද මේ සඳහා රංගනයෙන් දායක වෙති.

ඡායාරූප – රවීන්ද්‍ර පුෂ්පකුමාර

Previous articleපාස්කු ප්‍රහාරයෙන් සත් මසකට පසු නොදුටු පිපිරුම්
Next articleඅධිරාජ්‍යවාදයට එරෙහි පලස්තීන ජනතාවගේ අරගලය දිනවිය යුතුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here