Elephant House වෙතින් ශීත කළ රස අතුරුපස පෙළක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස්ක්‍රීම් සන්නාමය වන Elephant House විසින් අයිස්ක්‍රීම්, සෞඛ්‍ය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවන්  වැළඳ ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘Feelgood’ සිය නවතම ශීත කළ රස අතුරුපස පෙළ පසුගිය දා එළිදක්වන ලදී.
සීනි පරිභෝජනය අඩු කිරීම ඇතුළුව යහපත් සෞඛ්‍යය සඳහා වූ මෙම දිගුකාලීන කැපවීම ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් දෛනික චර්යාවේ කොටසක් බවට පත් කර ගැනීමට පාරිභෝගිකයෝ පෙළැඹී ඇත. මීට අනුකූලව Elephant House මෙම නිෂ්පාදන පෙළ මඟින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය පෝෂක ඇතුළත් රසයන්ගෙන් පිරි ප්‍රණීත අතුරුපසක් පාරිභෝගිකයන්ගේ පරිභෝජනය සඳහා හඳුන්වා දීමට සමත්ව ඇත.
පාරිභෝගිකයන් වඩාත් සෞඛ්‍යසම්පන්න සහ පෝෂණ ගුණයෙන් යුත් විකල්ප සොයා යන බව වටහා ගනිමින් Elephant House ඔවුන්ට ජීවිතයේ වින්දනීය සතුට භුක්ති විඳීමට ඉඩ සලසයි. අලුතින් හඳුන්වාදෙන ලද Feelgood ශීත කළ යෝගට් එකතුව වන Mixed Berry හා Tropical Mango සහ සීනි එක්කර නොමැති Chocolate and Vanilla සැලැකිලිමත්ව තෝරා ගත් අමුද්‍රව්‍යවලින් සකස් කර ඇති අතර සැහැල්ලු වින්දනයක් ලබා දෙයි. මෙම ශීත කළ අතුරුපස, සුළු ආහාරයක් ලෙස ද පරිභෝජනය කළ හැකි අතර, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්න වීමේ අරමුණු නිසියාකාරව පවත්වාගෙන යාමට උපකාරී වේ●
Leave A Reply

Your email address will not be published.

five × 2 =