නෙළු‍ව සභාපති පෞද්ගලික ඉඩමක් මැර බලයෙන්  අල්ලා ගනී

නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. අයි. ජී. සුනිල් විසින් ගිං ගඟට මායිම්ව පිහිටි අක්කර 70ක පෞද්ගලික  ඉඩමක් දේශපාලන බලහත්කාරයෙන්  අල්ලාගෙන, එහි අයිතිකරුවන්ට මරණීය තර්ජන එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ලංකාගම පිහිටි නිල්වැලි වත්ත හෙවත් රබර් වත්ත ලෙස හඳුන්වන මෙම ඉඩමෙහි සභාපතිවරයාගේ ඥාති පවුල් අටක් දැනට බලෙන් පදිංචි කරවා නීති විරෝධී වැලි ගොඩ දැමීම, අවට රක්ෂිතවල සතුන් දඩයම වැනි නීති විරෝධී කටයුතු මෙහෙයවන බව වාර්තා වේ. දැනට මෙම ඉඩමේ පදිංචි කරන ලද පුද්ගලයන් විසින් ගිං ගඟ ඉවුරේ සිදු කරනු ලබන වැලි ගොඩ දැමීම හේතුවෙන් ගං ඉවුර දැඩි සෝදාපාළු‍වකට ලක්ව පවතී.
මෙම ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අදාළ ඉඩම් අයිතිකරුවන් මාධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රජයේ ආයතන දැනුම්වත් කළ ද, මෙතෙක් ඒ සඳහා කිසිවකුගේ මැදිහත් වීමක් සිදුව නැත●

 

මංජුල ලක්මාල් – ලංකාගම.
Leave A Reply

Your email address will not be published.

thirteen − two =