කිවිසුරු අලගියවන්න සැමරුම හෙට (08) කිරිඳිවැල දී

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් එන්. ඒ.ඒ. එස් නිශ්ශංකආරච්චි මහතාගේ සංකල්පයක් මත ප්‍රවීන චිත්‍ර හා මූර්ති ශිල්පී වී. පී. සුනිල් ශාන්තයන් විසින් නිර්මාණය කරන ලද සීතාවක යුගයෙහි විසූ කිවිසුරු අලගියවන්න මුකවෙටිතුමන්ගේ පිළිරුවක් මෙරට පළමු වතාවට නිරාවරණය කිරීම හෙට(08) දින උදෑසන 8.30 ට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිස්‍රයේදී සිදු කෙරේ.

මෙයට සමගාමී ව සේකර පරපුර ප්‍රකාශයට පත් කරන ලද “අලගියවන්න පඬිවර ලකුණ” සමරු කෘතිය එළිදැක්වීම ද මෙම අවස්ථාවේදී සිදු කිරීමට නියමිත ය.
මෙම සාහිත්‍ය සම්භාෂයේ ප්‍රමුඛ දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී හා ගත් කතුවර කුසුම්සිරි විජයවර්ධනයන් විසින් සිදු කිරීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.

15 − fourteen =