“හොද ෆිල්ම් එකක කම්පනය ඒ තරම් ඉක්මනින් එළියට දාන්න මට බෑ”

- රවී සිරිවර්ධන

අශෝක හදගම සහෝදරයගෙ අලුත්ම ෆිල්ම් එක “ඇල්බොරාදා” මාධ්‍ය දර්ශනය බලන්න ඊයෙ(06) අවස්ථාව ලැබුණ…ඒක ඉවර වෙලා ඒ රස බෙදාගන්න සෙට් වෙන්න නියමිතව තිබුණත් එතැනට නොගිහින් ම මම ගෙදර ආව..මට ඕන උනා එතෙන්ට නොගිහින් ෆිල්ම් එක එක්ක තව බොහෝ වෙලාවක් තනිවෙන්න..මොකද හොද ෆිල්ම් එකක කම්පනය ඒ තරම් ඉක්මනින් එළියට දාන්න මට බෑ..ෆිල්ම් එක ඇතුළෙ තනියම ඇවිදින්න ඕන වෙනව..අශෝක හදගමගෙ හුගක් ෆිල්ම් අපි කණපිට ගහල අපිටම බලන්න සලස්වන ඒව බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

පැබ්ලෝ නෙරූදා වගේ කවියෙක් අරගෙන ඒ වැඩේ කරනකොට ඒක තවත් දැනෙනව වැඩියි..නෙරූදා ගැන කියවල තිබුණ ඉතිහාසය හදගමගෙ සිනමාව ඇතුළෙ දියවෙලා මතු වෙන සිනමාරූපී ආඛ්‍යානය හරි සියුම්..පැබ්ලෝ නෙරූදා ලංකාවෙ තානාපති සේවයට එන්නෙ ඔහුගෙ චිලී පෙම්වතියගෙ උමතු ප්‍රේමයෙන් ගැලවෙන්න…පැබ්ලෝ සිය අද්දැකීම් අඩංගු කරල ලියපු “මෙමොයාස්” නමැති කෘතියට අනුව ඔහු ලංකාවෙ තානාපති සේවයෙ ඉන්න කාලෙ ඔහුගෙ නිල නිවසෙ වැසිකිළිය පිරිසිදු කරපු ද්‍රවිඩ කම්කරු තරුණියක් එක්ක ඇගේ විරෝධය මැද ලිංගිකව එක් වෙනව..ඒක ලිංගික බලහත්කාරයක් උනාට පැබ්ලෝ ඒක වරදකාරී හැගීමකින් විදිහට නෙවෙයි පොතේ ලියන්නෙ…චිත්‍රපටයෙ කුටප්‍රාප්තික ගැටුම එන්නෙ ඒ සිදුවීම එක්ක…හඳගම මේ විශිෂ්ට කවියා ඇතුලෙ හැංගිල ඉන්න උමතු චරිතය එළියට ගන්නව…ඔහු කොතරම් විශිෂ්ට කවියෙක් උනත් කාන්තාව සම්බන්ධ කාරණයෙදි දැඩි පුරුෂෝත්තමවාදී දෘෂ්ටියකින් හිටපු බවට ඉතිහාසගත සාක්ෂි තියෙනව…

ශ්‍රී ලාංකික තානාපති සේවයට එන නෙරූදගෙ ගූඨ අධ්‍යාත්මයට එබෙන හඳගම අපි ඇතුලෙත් අඩු වැඩි වශයෙන් අපි හංඟගෙන ඉන්න මනෝගති ස්පර්ශ කරන බව පේනව..නෙරූදා නිරායාසයෙන් තමා සොයා එන කාන්තාවන්ගේ ආලයට වඩා තමන් මගහැර යන කාන්තාවන් පිළිබඳ ඇති කර ගන්න ලාලසාව තමයි ඔහුගෙ ස්ත්‍රී ලෝලීත්වය හැටියට කැපී පෙනෙන්නෙ…කසේ නමුත් සෑම මනුෂ්‍යකු තුළම නඩත්තුවන මතුපිට පුද්ගලභාවය ඉක්මවා ගිය අභ්‍යන්තර චරිතයක ගැටුම චිත්‍රපටයෙ පේනව…නෙරූදා අතින් ද්‍රවිඩ කම්කරු තරුණියක් දූෂණය උනාට පස්සෙ ඔහු තුළ ගොඩ නැගෙන වරදකාරී චෛතසිකය පේන්න ගන්නව…එතැන නෙරූදා නම් විශිෂ්ට කවියාගේ ආත්මීය පසුතැවීම අපට පෙන්නන්න හඳගම දරන උත්සාහයක් වගේ පේන්නෙ…වැසිකිලි පෝච්චිය හිසේ තියාගෙන යන නෙරූදාගෙන් අපට කියන්න හදන්නෙ ඒක කියලයි මට හිතෙන්නෙ…නෙරූදාගෙ නිවසෙ ආවතේව කරන රත්නයියා නෙරුදාගෙ චරිතය යට කරගෙන ඉස්සරහට එන විදිහ රංඟන පැත්තෙන් විශේෂයි…එය පිටපත පවා ඉක්මවා යන රංඟ ප්‍රතිභාවක්…මැල්කම් මචාඩෝගෙ රඟ නොපා රත්නයියා ලෙස රූපාන්තරණය වන හැටි අපූරුයි.

– රවී සිරිවර්ධන

Leave A Reply

Your email address will not be published.

nineteen + 20 =