ජීවිතයක වටිනාකම ප්‍රැඩන්ස් මභේනාගෙන් ඉගෙනගන්න !

Music by Prudence නැමති ඇගේ ජීවත කතාව අලලා තැනුණු වාර්තාමය චිත්‍රපටිය 2009 ඔස්කාර් සම්මාන ලැබු පසු එයත් රැගෙන මභේනා සැම්බියාවේ ගුවන් තොටුපල වෙත පැමිනෙද්දී සිය ගණනක් මිනිසුන් ඔල්වරසන් දුන්හ. ඇය අතරට ආ එක් මිනිසෙක් ඇගේ දෙපා මුල වැද වැටිනි ඔහු ඉකිගසමින් මෙසේ කීවේය.
‘‘මට සමාවෙයන් දුවේ!‘‘

ඒ මිනිසා තමා අබ්බගාතයෙකු බැවින් මහ මග මැරෙන්නට අතැර ගිය මහේනාගේ තාත්තාය.
Music by Prudence යනු ජයගත නොහැකි ලෙස පෙනෙන දුෂ්කරතා ජය ගනිමින් සහ ආබාධය යනු නොහැකියාව නොවන බව ඇගේම හඬින් ලොවට ප්‍රකාශ කරන එක් තරුණියකගේ අරගලයක ස්වයං-බලගැන්වීමේ කතාවකි. එය සැම්බියාවේ සහ අප්‍රිකානු මහද්වීපයේ උපදේශන ව්‍යාපාරයක මූලික ගල බවට පත්ව ඇති අතර ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පෙර නොවූ විරූ නිරූපණයක් ලෙස UN, Human Rights Watch සහ ආබාධිත ප්‍රජාව විසින් වැලඳගෙන ඇත.

Prudence Mabhena: ඉපදුනේ ආබාධිතයන් යක්ෂයන්ගේ අවතාරයැයි සලකන සංස්කෘතික සමාජයකින් හෙබි සැම්බියාවේය. එහෙයින් ඇගේ මව සහ පියා එක්ව තම දියණිය මහමග අතැර දමා තිබිණි. එහෙත් ඇගේ ඉරණම කොටා තිබුනේ මහමග කුසගින්නේ මිය යාමට නොවේ දේව දුතියකසේ ඇගේ ආච්චි පැමින ඇයව ඔසවාගෙන ගියාය මිත්තනිය කුඹුරු වැඩ කළේ මේ පුංචි කෙල්ලව නියර මත්තේ තබාය . තවත් විටෙක ඇයව පිටේ බැදගෙනය. බොහෝ විටෙක මිත්තනිය සිටියේ ගීත ගයමිනි. ඇය ඒවා මේ පුංචි කෙල්ලටද කියා දුන්නාය. පසු කලෙක Mabena සංගීත කණ්ඩායම බිහිවුයේ මේ මිත්තනියගේ අලංකාර කාව්‍යවල ආභාෂයෙනි. Mabena සංගීත කණ්ඩායමේ සියල්ලෝම උපන් ආබාධිතයෝය. ඒ සියල්ලෝම මියයාමට මහ මග දමා ගිය දරුවන්ය.

Prudence Mabhena සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වන අතර සිම්බාබිවේ හි දෙවන විශාලතම නගරය වන බුලුවායෝ හි ආබාධිතයන් සඳහා වූ පාසලක පන්ති ව්‍යාපෘතියක් ලෙස ආරම්භ විය. අර්බුදකාරී රටක සිට දෝංකාර දෙන ප්‍රබල හඬකි එය. සංගීත කණ්ඩායමේ සාර්ථකත්වය වඩාත් අසාමාන්‍ය වන්නේ එහි සියලුම සාමාඡිකයන් ආබාදිතයන් බැවිනි
සිම්බාබ්වේ හි ජීවත් වීම තරමක් දුෂ්කර ය, විශේෂයෙන් ඔබ ආබාධිත වූ විට,” Mabena පවසයි. මගේ මව මාව පිළිකුල් කළාය. “මට කිසිවක් දැනුණේ නැත; ඇයට මගෙන් කිසිදු වැඩක් නැති බවක් දැනුනි. … මම ඇය සමඟ ඇත්තටම එකඟ විය, ‘ඔව්, ඇත්ත වශයෙන්ම, ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නොමැති බව දවස අවසානයේදී මම සොයාගනිමි එහෙත් අම්මේ දැන්. මම අවසන් කළෙමි. දැන් ඔබ මාව විශ්වාස කරන්න.”

මගේ ආදරණීය ආච්චි, “ඇය සහ ඇගේ ආච්චි එකට ගායනා කරන මොහොතක් චිත්‍රපටයේ යම් තැනක දර්ශනය වෙයි “මම ඇයට ආදරෙයි, මන්ද ඇය ඇත්තටම මට ජීවිතය වැදගත් දෙයක් ලෙස දැකීමට සැලැස්සුවාය.”ඒ තමයි මගේ ආදරය සහ ඡීවිතය. 37 හැවිරිදි මභේනා මේ මොහොතේ සංගීත කණ්ඩායමේ නායකයා මෙන්ම සිම්බාබිවෙිහි සංගීත ගුරවරියකි.

– උපාලි ජයසිංහ

 

Leave A Reply

Your email address will not be published.

2 × five =