ලංකාවේ ලොකුම සමූපකාරයේ බහුතර බලය ජවිපෙට

දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා මෙවර පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂ බලවේග ජයග්‍රහණය ලබා ඇත.

නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සහාය ලද කණ්ඩායම නියෝජිත ධුර 39ක් දිනා ගනිද්දී ජයග්‍රාහී කණ්ඩායම ආසන 55ක් ජයග්‍රහණය කර ඇත.

මෙම 55 න් වැඩිම කොටසක් (48) ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කොටපොල සුරැකීමේ සංවිධානය විසින් දිනාගෙන ඇති අතර ඒ අනුව සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබේ.

කෙසේ වෙතත් මෙහිදී අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය වන කුමණ ප්‍රමාණයෙන්දැයි මෙතෙක් අවසන් ගණනය කිරීමක් සිදුව නැත.

සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් ලෙසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සමිතියේ බලය පසුගිය නිලවරණයේදී 90% පමණ විශාල පරතරයකින් ජයග්‍රහණය කරන ලදී.

කෙසේ නමුත් අවසන් ප්‍රතිඵලය වෙනස් කර ගැනීම සඳහා මේ වනවිට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිපුණ රණවක සහ වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරුන් මැදිහත් වී විවිධාකාරයේ බලපෑම් සිදු කරමින් සිටින බව වාර්තා වේ. වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාගේ කොට්ඨාශයේ නියෝජිතයින් පත් කරගැනීමට ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාජය කරමින් ජවිපෙ කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ප්‍රදේශයේ බලය පතුරුවමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගේ ගම් ප්‍රදේශය වූ දෑරංගල 1, දෑරංගල 2, දෑරංගල 3, යන ප්‍රදේශික තුනෙන්ම අන්ත පරාජයක් ලැබූ අතර එම ප්‍රදේශික තුනෙහිම බලය හිමිවුවේ ජවිපෙ නියෝජිතයන් වීම විශේෂත්වයකි.

දැනට ආසන්නම සමුපාකාරය වන අකුරැස්ස සමුපාකාරයේ බලයද පවතින්නේ ජවිපෙ කණ්ඩායම යටතේය.

 

 

Leave A Reply

Your email address will not be published.

eight − 2 =