ඉතිහාසය පුරා ප්‍රධාන පක්ෂ දෙක බලය ලබා ගැනීමට පාවිච්චි කරන ලද බොරු බේගල් සහ මෙවලම් ගැන දැනගැනීමට “බල බේගල්” කියවන්න

වළාකුළුආරච්චි ගුණරත්න මහතාගේ “බල බේගල්” කෘතිය එළිදැක්වීම ඊයේ(4) පානදුර නගරසභා පුස්තකාලයේ දී පැවැත්විණි. එහි දී මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, රාවය කර්තෘ විමලනාත් වීරරත්න, ධර්මසිරි බණ්ඩාරනායක, හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස අදහස් දක්වන ලදී.

වසර 72ක ශ්‍රී ලාංකීය දේශපාලනයේ බලය ලබා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක විසින් පාවිච්චි කරන ලද බොරු බේගල් සහ මෙවලම් ගැන දැනගැනීමට මේ කෘතිය වැදගත් වන බව මෙහිදී අදහස් දැක්වුවේය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සමස්ත කතාවේ සාරාංශය මෙසේය,

“1947-77 වසර 30 තුළ සියලුම මහ මැතිවරණවලදී (1956 හැර) බලය ලබා ගැනීමේ ප්‍රධානතම බේගල බවට පත්වූයේ ආර්ථික පොරොන්දු. ඉර හඳ ඇති තාක් සත විසිපහට හාල් සේරුව, හඳෙන් හාල්, ඇට අට…වගේ දේවල්. 1983න් පසු ඒ ආර්ථික සාධකය යට කරලා වෙනත් දේවල් මතුකරගන්න මේ කණ්ඩායම් දෙකම සමත්වුණ බවද. ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, යුද්ධය, යුද්ධය අවසන් කිරීම, ජාතික ආරක්ෂාව…. වගේ දේවල්. ඒ පිට්ටනිය ඔවුන්ට සෙල්ලම් කරන්න පහසුයි. පිච් එකත් තමන්ට ඕන විදිහට හදාගෙන, හතරේ සීමාවත් වෙනස් කරලා සෙල්ලම් කරන්න ඔවුන්ට පුළුවන්. මේ පක්ෂ දෙකම ෆේල් වෙන්නේ ආර්ථික සාධකය සම්මුඛ වුණාම. එහෙම නොවී තමන් කැමති, තමන්ට පහසු ග්‍රවුන්ඩ් එකකම සෙල්ලම් කරන්න ඒ අය පුළුවන් තරම් සැලසුම් කරනවා. ඔවුන්ගේ කුමන්ත්‍රණයට අහු වෙන්නැතුව ආර්ථික ග්‍රවුන්ඩ් එකට ඒ අය තල්ලු කර ගන්න එක ජනතාවගෙත් වැඩක්. ඒ සම්මුඛ වීමේදී රට කරවපු කණ්ඩායම් දෙකේම failure එක පේනවා. මේ දෙගොල්ලොම අකමැතිම ඒකට.”

Leave A Reply

Your email address will not be published.

3 + 17 =