පීපල්ස් ලීසිං වෙතින් ත්‍රෛභාෂික Mobile APP එකක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ‘PLC Touch’ නමින් ත්‍රෛභාෂික ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගිය දා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් PLC Touch යෙදුමට ඇතුළත් වේ.

“රක්ෂණාවරණ සබැඳි විශේෂාංග ඇතුළත් මෙවැනි Mobile APP විසඳුමක් හඳුන්වා දෙන ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය බවට පත් වීමට හැකි වීම අපට මහත් සතුටක්. PLC Touch App භාවිතයෙන් කෙනකුට අපගේ ශාඛා වෙත පැමිණීමෙන් තොරව, තම නිවසේ සිටම අවශ්‍ය ගනුදෙනු සිදු කිරීමට පුළුවන්. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව සියලුම ක්ෂේත්‍රවල අනාගතය සඳහා මෙවැනි විසඳුම් අවශ්‍ය බව අපගේ විශ්වාසයයි.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ශමීන්ද්‍ර මාර්සිලීන් පැවසී ය.

මෙම ජංගම යෙදුම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය කරන ලද්දක් බවත්, එමඟින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ – සමූහ අංශයේ ප්‍රභාත් ගුණසේන පෙන්වා දුන්නේ ය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ, මෙලෙස ඉතිරි කර ගත් මුදල් ඉදිරියේ දී සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් ඇතුළු විවිධ අංශ සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවයි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඉතුරුම් ගිණුමකට අමතරව වෙනත් ඕනෑම බැංකුවක ඇති ඕනෑම ඉතුරුම් ගිණුමක් PLC Touch යෙදුමට ඇතුළත් කර ගැනීම (mapping)  මඟින් එම ඕනෑම ගිණුමක් ඔස්සේ ූQR කේත ක්‍රමය පදනම් කර ගත් ගෙවීම්, උපයෝගීතා බිල්පත් (utility bills) ගෙවීම්, සහ එම ඕනෑම බැංකු ගිණුමක් භාවිතයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ණය හා ලීසිං සම්බන්ධ ගෙවීම් සිදු කිරීම වැනි සේවාවන් රාශියක් ඡඛක්‍ PLC Touch ඔස්සේ ලබා ගත හැකි වේ●

Leave A Reply

Your email address will not be published.

1 + 12 =