ත්‍රස්තවාදීන් නිර්මාණය වන්නේ දිගු ක්‍රියාවලියක අවසානයේදීය

එහි මුල්ම පියවර නම් පොදු සමාජයෙන් වෙනස් වූ මිනිසුන් බිහිවීම හෙවත් Exclusive තත්ත්වයක් ඇති වීමය. ඔවුන් අනිත් අයගෙන් වෙනස් යැයි සිතා වෙනම වාසය කරති, වෙනම ආහාර, වෙනස් නීති ඇත්තෝ වෙති. ඔවුන් සුවිශේෂී යැයි ඔවුන් සිතති, ඊළඟ පරපුරට කියා දෙති, උගන්වති.

මෙසේ exclusive තත්ත්වයක ජීවත් වන්නන් අතරේ කොටසන් ඉන් අන්තයට යති. ඔවුන් ඉතාම සුවිශේෂී බවත්, එනිසා අනෙකුන් සමග මුහු නොවිය යුතු බවත්, එබැවින් ඒ සුවිශේෂීත්වය රැකගත යුතු බවත් ඔවුන් දැඩිව විශ්වාස කිරීමෙන් extremism හෙවත් අන්තවාදයන් බිහිවේ.

යම් දිනෙක් ත්‍රස්තවාදීන් බවට පත් වීමට හැකි වන්නේ මේ අන්තවාදීන් ය. එවන් අන්තවාදී අදහස් ඇති මිනිසුන් ගේ මොළ සේදීමෙන් විෂ පුරවා ඔවුන් ත්‍රස්තවාදීන් බවට පත් කල හැකිය. එම ක්‍රියාවලියට radicalisation process එකක් යැයි කියති. ඒ ක්‍රියාවලිය සූක්ෂමව දක්ෂ මොළ සෝදන්නන් විසින් ඉටු කරති.

Exclusivism leads to Extremism, and extremists can be radicalized to become terrorists.

අප ඊයේ සිත් කම්පා කරවමින් දුටුවේ ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රහාරයක් නොවේය. තලෙයිබාන් කාරයෝ වත්, ISIS කාරයෝ වත්, නොවේය. තොරතුරු අනුව ඔවුන් එම කම්හලේ වැඩ කරන සාමාන්‍ය මිනිසුන් ය. එයට හේතුව දැඩි ආගමික විශ්වාසයයි. සෑම සමාජයකම එවන් මිනිසුන් ඕනෑ තරම් සිටිති. සිය අගමික මත වලට විරුද්ධ වන්නන්ට, එරෙහි වන්නන්ට සැළකිය යුතු ආකාරය මෙය යැයි ඔවුන් විශ්වාස කරති. ආගමික විශ්වාස වලින් පාලනය වන සමාජයක තත්ත්වය එයයි.

මෙම සිදුවීමෙන් පකිස්තානයට ඇතිවූ කැළල නූතනයේ මකා දැමීම ඉතා දුෂ්කර වනු ඇත. එය එරට තුල ඇතිවිය හැකි ආර්ථික ප්‍රබෝධයන් බොහෝ සීමා කරනු ඇත.
එහෙත් සමාජයේ යම් පිරිසක් හෝ මෙසේ පොදුවේ සමාව ඉල්ලා සිටීම ඒ අවාසනාවන්ත ලෙස මියගිය ශ්‍රි ලාංකිකයාගේ පවුලට මද අසහනයක් හෝ එක් කරනු ඇත. මේ සිදුවීම ඉම්‍ රාන් ඛාන්ගේ දේශපාලන හැකියාව ද එසේම මැන ගන්නා සාධකයක් වනු ඇත.
වේදනාවට පත් වූ සෑම සිතක්ම ඉක්මනින් සුවපත් වේවා!

– පැතුම් කර්නර් (fb)

Leave A Reply

Your email address will not be published.

18 + 17 =