නාගදීප මහ ගොවිජනපද ව්‍යාපාරයේ තිස්සපුරට පැමිණි අපේක්ශාවේ අපේක්ශකයෝ

ගමෙන් පටන්ගමු වැඩසටහනේ ගම් නගර සිසාරා අප යන ගමනේ තවත් එක් නැවතුමක් පසුගියදා මහියංගණ , නාගදීප මහ ගොවිජනපද ව්‍යාපාරයේ තිස්සපුර ගම්මානයේදී සනිටුහන් විය.
මෙම ජනහමුවේ සුවිශේෂත්වය වන්නේ මෙය සංවිධානය කිරීමෙහිලා විශාල වැඩ කොටසක් සිදු කරමින් තව තවත් පිරිස් එක් කරගනිමින් සංවිධානය වී ජ.වි.පෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා එක් වීමට පැමිණි පෙර කාලයේදී පොදුජන පෙරමුණ ට සහ සමගි ජන බලවේගය ඇතුළු පක්ශ වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ එක්වීමයි.
“මහත්තයා අපි පහුගිය කාලෙම දෙගොල්ලටම දීපු මිනිස්සු. ඒත් අපේ පොඩි උන්ගෙත් අනාගතය කාලකන්නි කරපු එක තමා උන් කලේ. උන්ට සාප වෙන්න ඕනි මේවට…
ඒ නිසා අපි කතා වෙලා මෙතනට ආවේ දැන් අපිට එකතු වෙන්න තියන එකම විකල්පය ජ.වි.පෙ නිසා.. අපිට ඔබතුමන්ලව විශ්වාසයි..”
මේ ඔවුන්ගේ හදවතින්ම ආ අදහස්…
ඉදිරියේදී අපගේ දේශපාලන ක්‍රයාවලිය තුල අපගේ සහ ඔවුන්ගේ මැදිහත්වීම ගැන සාකච්ඡා කිරීම සහ අදහස් යෝජනා වෙනුවෙන් සාමච්ඡා සභාවක් ලෙස මෙම අවස්ථාව පැවැත්විණි.

– සමන්ත විද්‍යාරත්න(fb)

Leave A Reply

Your email address will not be published.

11 − three =