සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඬලින් බැසයයි

ප්‍රවීණ රංගවේදී සරත් චන්ද්‍රසිරි අද (04) පෙරවරුවේ ජිවන රඟ මඬලින් බැස ගියේය.
වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාවෙන් විශීෂ්ඨ රංගනයක් ඉදිරිපත් කල සරත් චන්ද්‍රසිරි දින ගණනාවක සිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මොළයේ අභ්‍යන්තර රුධිර වහන තත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු මියයන විට 57 හැවිරිදි වියේ පසු විය.

පහත පළවන්නේ මෙම ශෝකජනක පුවත සැලවීමත් සමඟ සිය සහෝදර කලා ශිල්පින් විසින් තබන ලද ෆේස්බුක් සටහන් කිහිපයකි.

ඩබ්ලිව්. ජයසිරි

මුවගසිණා දැකුම්කලු
රැඟුමට මුහුණ ටිකක් රලු
කතාව නං හරි සිත්කලු
සරාසඳසිරි සැඟවී ගිහිල්ලලු
මිතුරුතුමෝ,සුබසිහිණ දකින දිගුනින්දක් පතමි

ශලනි තාරකා

“ඔන්න මං ඉදලා ඉදලා වැඩක් කරන්න යන්නේ ලිව්වේ උඹවම හිතේ තියන් ඒ නිසා කෙහොම හරි වැඩේ කරමු” මීට සති කීපෙකට කලින් එහෙම කියලා පිටපත අතට දීලා ආයේ දවස් කීපෙකින් කෝල් කලා දෙසැම්බර් මුල සතියේ හොදටම වහිනවා වැව් උතුරන්න ජනවාරි මැද පටන්ගමු වැඩේ කියලා. ඒ කියලා දවස් දෙක තුනයි සද්ද නැතුවම ඉස්පිරිතාලෙට යද්දි,
ඊයෙත් අපි ඔයාව ගොඩක් මතක් කලා
සුභගමන් සරත් අයියේ.. 🏳️

Leave A Reply

Your email address will not be published.

two × 1 =