ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට 100 දෙනෙකු පමණ අත්අඩංගුවට

ඊයේ (03) පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු මෙලෙස වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බව පකිස්ථාන වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර ඊයේ පස්වරුව වන විට එම සිදුවීමට අදාළ දර්ශන ද විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයකු බව හඳුනාගෙන තිබිණි.

මෙම සිදුවීමෙන් පසු පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටියේ, මෙය පාකිස්ථානයට ලැජ්ජාවක් බවත් ඝාතනයට අදාළ පරීක්ෂණය තමන් අධීක්ෂණය කරමින් සිටින බවත් මෙම ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් පමුණුවන බවයි.

 

Leave A Reply

Your email address will not be published.

four × 5 =