පිපිරිලි…

ක්‍රිෂ්ණ උඩ විසිවෙලා ඇහැරුණේ මොබයිලෙ රින් වෙන සද්දෙන්.
“ආතහෙට්ටියගෙ ගොනා වාගේ කුඹුරට පැනලා කුඹුර ම උළා කෑව ගොන් නාම්බා හේනටත් පැනලා කියහන්කො… හේන ම කාලා. නො පනින තැනක් නෑ පනිනවා,  කනවා… පනිනවා,  කනවා… අං දෙක උස්සන් මනුස්සයන්ට ඇන්නෙ නැති ටික විතරයි. ඒ වුණාට කරලා තියෙන පාඩුව කියන්න වචන නෑ. මස් කඩේට දැක්කුවත් හිතට මඳි. ඉවසන්න බැරිකමට උඹට කිව්ව මිසක් උඹටත් කරන්න දෙයක් නෑ කියල දන්නවා…” ක්‍රිෂ්ණගෙ අප්පුච්චා  කියවාගෙන කියවාගෙන ගියේ ශෝකයයි, කෝපයයි දෙක ම මිශ්‍ර වෙච්චි ටෝන් එකකින්.

“ගමකට බැරි ද ගොනෙක් මේච්චල් කරන්න…”  ක්‍රිෂ්ණ ඇහැව්වෙ නින්දෙන් ම වගේ.

“යකෝ… හතර දෙනෙක් තුන්වේල කාලා, තව කෙනෙකුට දෙවේලක් කන්න දෙන්නත් හැකියාවක් තියෙනවා කියන්නෙ උඹලා මාර දනපතියො කියන එක නෙ.” නිඳි ගැට කඩ කඩා දොර ඇරපු ක්‍රිෂ්ණ කිව්වෙ හිනාවෙවී.

“ඒක හරි… මාත් බයේ ඉන්නෙ හෙට, අනිද්දා වෙන කොට තුන්වේල කනවුන්ගෙන් බද්දක් ගහයි ද කියලා…” 

“ගැල ඇද්ද හන්දා පුළුවන් තරං ඉවසන්න ඕනෑ කියලා තමයි, ගම්වැස්සො කියන්නෙ. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියල නෙ මුන්දැල කියන්නෙ…”  අප්පුච්චගෙ උත්තරේට “ලැබෙයි ලැබෙයි…” කිව්ව ක්‍රිෂ්ණ කතාව නතර කළේ දොරට තඩිබාන සද්දෙන්.

පිරිකර ඩිලිවරියකට ක්‍රිෂ්ණගෙ අසල්වැසි ගෙදරකට උදැහැනැක්කෙ ම ඡන්න ගිහින් තිබුණෙ ප්‍රමාද නොවී කන්තෝරු යන්න වුවමනා හන්දයි. ක්‍රිෂ්‍ණ‌ගෙ තුන්වේල ගැන හිත හිත තැවෙන ඡන්න ක්‍රිෂ්ණගෙ ගෙදරට ගොඩවුණේ උදේටයි, දවල්ටයි ක්‍රිෂ්ණ‌ට කෑමත් අරන්.

“යකෝ… හතර දෙනෙක් තුන්වේල කාලා, තව කෙනෙකුට දෙවේලක් කන්න දෙන්නත් හැකියාවක් තියෙනවා කියන්නෙ උඹලා මාර දනපතියො කියන එක නෙ.” නිඳි ගැට කඩ කඩා දොර ඇරපු ක්‍රිෂ්ණ කිව්වෙ හිනාවෙවී.

“ඒක හරි… මාත් බයේ ඉන්නෙ හෙට, අනිද්දා වෙන කොට තුන්වේල කනවුන්ගෙන් බද්දක් ගහයි ද කියලා…” කියපු ඡන්න යන්න හැරුණෙ වෙලාවට කන්තෝරු යාගන්න ඕන  හන්දයි.

කන්තෝරුවට ගිය ඡන්න වාඩි වුණේ රාධගෙ පුටුව ඉස්සරහින්. රාධා හිටියේ සකාගෙ පොතේ. කින්නියාවෙ මැරිච්චි දරුවො දිහා බලන් ඇස් රතු කරන් හිටි රාධා ඡන්නගෙන් ඇහැව්වෙ, “මෙහෙම දෙයක් සිද්ද වුණා ම කවි ලියලා විතරක් ඇති ද?” කියලයි.

“ඒක හරි… මේ දූවෙ විතර පාරවල්, ජොගින් පාත්, බිල්ඩින් හදන රටක් තවත් නැතුව ඇති. එහෙමත් එකේ…” කියලා කට ගන්නත් කලින් සුන්දරී කිව්වෙ, “පව් අනේ… කර්මය කියන එක එහෙම තමා. ඒ පව් පල දෙන විදිය. මුගලන් හාමුදුරුවන්ට බැරි වුණා කියනව නෙ කර්මයෙන් ගැලවෙන්න…‍” කියලයි.

ඒ කතාවට උත්තර දෙන්න දෙන්න ම හිතුවෙ නැත්තෙ මේ තරං පටු කල්පනාවල ඉන්න ආත්මාර්ථකාමී වැස්සො එක්ක සංවාද වැඩක් නැති හින්දයි.

ඒ අතරෙ හතිමුනින් දාගෙන කන්තෝරුවට ගොඩ වුණු සීතා සැනිටයිසර් හලා ගත්තෙ “මරණයට විවර වෙච්චි මාර්ගවලින් පහසු එක තෝර ගන්නයි දැන් තියෙන්නෙ…” කියාගෙන. එයාගෙ මූණ දිහා පුදුමයෙන් බලපු ඡන්න දිහාට හැරුණු සීතා කිව්වෙ “කොවිඩ්වලින් මැරෙනව ද? කන්න නැතුව මැරෙනව ද? කන්න හදන්න ගිහින් කුස්සිය ඇතුළෙ මැරෙනව ද කියන එක” කියලයි.

“දැන් ඉතින් ගෙදර උන්දැගෙන්වත් අවදානම් දීමනාවක් ඉල්ල ගන්න ඕනෑ කුස්සියෙ රාජකාරි කරනවට. හරියට ක්‍රියාන්විතයෙ ඉන්නවා වගේ තමයි” කියල කිව්වෙ උදුම්බරා.

“පුපුරන එකත් ඉවසතැහැකි. පිපුරුවට පස්සෙ මීඩියා ඇවිත්  මුළු කුස්සිය ම වීඩියෝ කරලා පෙන්නන එක නෙ ඉවසන්න බැරි. මේ දවස්වල කුස්සිය නීට් කරන්න ම සෑහෙන වෙලාවක් යනවා මට.” කියල කල්‍යාණි කිව්වෙ කට කනට ගන්න ගමන්.

“මුරුංගා කරල් දෙකයි, පොඩි කරවිල ගෙඩි දෙකයි, කැරට් අල දෙකයි ගත්තෙ. රුපියල් දෙසියඅසූනමයයි. දන්නැති හින්දයි අහන්නෙ ඩොලර් සංචිතෙ මුරුංගවලටත් බලපානව ද?” කේසි ඇහැව්වෙ අහිංසකව.

“ඇත්තට ම අර ආච්චිගෙ මල්ලෙ තිබු‌ණෙ මැණික් විතර ම ද? වැරදිලාවත් ඩොලර් තිබුණෙ ම නැද්ද?” කාලෙකට පස්සෙ ප්‍රශ්නයක් අහගෙන ඡන්න ළඟින් වාඩිවුණේ අක්කෝස.

■ හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

eleven + 2 =