නවීන පරිගණක අත්දැකීමක් ලබාදෙමින් Dell Concept Store  මාතරට

උසස්ම තත්ත්වයේ පරිගණක සහ පරිගණක ආශ්‍රිත සියලුම උපාංග ජනතාවට සමීප කරමින් Dell Concept Store  නවතම ප්‍රදර්ශනාගාරය Dell – Singer සහ Sell-X එකතුවෙන් මාතර නගරයේ දී විවෘත වෙයි. දකුණු ලක පළමු Dell Concept Store  ලෙස මෙය විවෘත වූයේ දකුණු ලක පරිගණක අලෙවියේ ප්‍රමුඛයා වන Sell – X Computers සහ Dell එකමුතුවෙනි.

Dell Laptop පරිගණක සහ Desktop  පරිගණකවල සිට සියලුම පරිගණක උපාංග එකම තැනකින් මිල දී ගැනීමේ අවස්ථාව Dell Concept Store  හරහා උදා කර ඇත්තේ ඉහළම ඩෙල් තාක්ෂණය දකුණු පළාතේ පාරිභෝගික ජනතාව අතට ලබාදෙමිනි. පරිගණක ක්‍රීඩා සඳහා යොමු වන අය සඳහා වෙන් වූ Computer Gaming Corner අත්දැකීමද Dell Concept Store  හි සුවිශේෂී අංගයකි.

ඩෙල් පරිගණක අලෙවියේ වර්ධනයක් අත් කර දෙමින් හය වැනි Dell Concept Store  මාතරට ගෙන ඒමට හැකියාව ලැබීමෙන් පරිගණක අලෙවියේ අලුත් පිටුවක් පෙරළෙන බව Singer Sri Lanka මෙහෙයුම් අධ්‍යක්ෂ ජගත් පෙරේරා පැවසුවේය.

“Singer Sri Lanka සමාගම Dell  බෙදාහැරීම ආරම්භ කළ අවස්ථාවේ දී අප සමඟ අත්වැල් බැඳ ගත් මුල් දස දෙනා අතර Sell-X කළමනාකරණ අධ්‍යක්ෂ සමීර බෝපගේ සිටිනවා. Dell නිෂ්පාදන සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයට අලුත් අත්දැකීමක් ලබා දීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. Dell – Singer කියන්නේ පසුගිය අවුරුදු දෙක තුළ විශාල වර්ධනයක් ලබා ගත් එකමුතුවක්. Dell Concept Store තුළින් එම වර්ධනය අත් කර ගැනීමට රුකුලක් ලැබුණා” යයි ජගත් පෙරේරා වැඩි දුරටත් සඳහන් කළේ ය.

ලංකාවේ අංක එකේ සන්නාමය ලෙස Singer Sri Lanka වසර ගණනාවක් අඛණ්ඩව පිදුම් ලබන විට අංක එකේ පරිගණක සන්නාමය වූ Dell සන්නාමය Sell – X සමග එක්වී Dell නිෂ්පාදන පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරමින් සිටින බව Singer Sri Lanka ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු ජයන්ත පෙරේරා පැවසී ය.

ඊට අමතරව මේ පිළිබඳ අදහස් දැක්වූ Sell – X කළමනාකරණ අධ්‍යක්ෂ සමීර බෝපගේ පැවසූයේ, 2003 වසරේ දී පරිගණක පහකින් ආරම්භ කළ Sell – X ආයතනයට Singer Sri Lanka සහ Dell සමඟ එක්ව දකුණේ පාරිභෝගිකයන්ට නවීන ඩෙල් තාක්ෂණය හඳුන්වා දීම නැවුම් පියවරක් බව ය●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

1 × three =