අධිඋද්ධමනය රටට සිදු කරන අධිපීඩනයෙන් මිදෙන්නට…

රට පුරා භාණ්ඩ හිඟයකි. ඉන් පසු භාණ්ඩ පෝලිම් ය. නැවත භාණ්ඩ මිල ඉහළ යාම් ය. ජනතාවගේ කෝපය පුපුරා යාම් ය. දැන් ගෑස් පිපිරීම් ය. මේ සියල්ල රට පවතින බියකරු තත්ත්වයේ ප්‍රකාශ වීම් ය. මෙයට වඩා බියකරු තත්ත්වයන් ඉදිරියට පැමිණෙමින් තිබේ. අවධානය යොමු විය යුත්තේ ඒ දෙසට ය.

‘අලි මඳිවාට හරක්’ කීවා සේ ඩොලර් හිඟය නිසා රට බරපතළ තත්ත්වයකට පත් වෙමින් තිබේ. බොරතෙල් ගෙන ඒමට ඩොලර් නොමැතිකම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබේ. ඒ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 1,000කට අධික ප්‍රමාණයක් වරාය තුළ සිර වී තිබේ. සැප්තැම්බර් 31 දින වන විට කල්පිරෙන ණයවර ලිපි සඳහා රාජ්‍ය බැංකු දෙක විසින් ඩොලර් බිලියන 2.5ක් ගෙවිය යුතු ය. මෙයට අමතරව වාණිජ බැංකු හරහා ද ණයවර ලිපි නිකුත් කරයි. විදේශ ශ්‍රමිකයන් මඟින් රටට ලැබුණු ඩොලර් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙමින් තිබේ. දැනට පවතින ඩොලර් ප්‍රමාණය රටට සති පහහමාරකට ප්‍රමාණවත් භාණ්ඩ ගෙන්වීමට පමණක් ප්‍රමාණවත් බව වාර්තා වේ. ජනවාරි වන විට ස්වෛරී බැඳුම්කර ඇතුළුව රට ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් බිලියන 1.1කි. ලබන වසරේ ස්වෛරී බැඳුම්කර ඇතුළු ණය සඳහා ඩොලර් බිලියන 6.7ක් අවශ්‍ය ය. දැන් රට ඉදිරියට යා නොහැකිව ගල් වී තිබේ.

ශ්‍රී ලංකාව මෙම අර්බුදයට ඇදවැට්ටවූයේ එකවර නොවේ. එක් ආණ්ඩුවක් පමණක් නොවේ; එක් පාලනයක් පමණක් නොවේ. මේ වසර 73ක් කරගසාගෙන පැමිණි පසුගාමී, දූෂිත ධනේශ්වර ආර්ථිකයේ ප්‍රතිඵලයකි. දැන් එයට වගඋත්තරකරුවන් නැත. මෙතෙක් රට පාලනය කළ සියල්ලෝම තොත්ත බබාලා වෙති. ඒ අන් කිසිවක් නිසා නොව කෙටිකාලීනව රට කරවන්නන්ගේ අභිවෘද්ධිය තකා ගෙන ගිය ප්‍රතිපත්ති විරහිත, වංචනික ආර්ථික ගමන නිසා ය. කොමිස් සහ අල්ලස් යනු එම විනාශකාරී ආර්ථික ගමනේ මෙවලම් ය.

අනෙක් අතට ආණ්ඩුව කෝටි ගණනින් මුදල් අච්චු ගසමින් සිටී. ආණ්ඩුවේ මාස 15ක කාලය තුළ පමණක් රුපියල් බිලියන 3,000කට ආසන්න මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බව වාර්තා වී ඇත. භාණ්ඩ හා නිෂ්පාදන වෙළෙඳපොළට සපයනවා වෙනුවට මුදල් සපයන්නට ගත් විට උද්ධමනය වේගයෙන් ඉහළ යන බව තේරුම් ගැනීමට විශාල ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍ය වන්නේ නැත. විශාල ලෙස භාණ්ඩ මිල ඉහළ යාමත්, එසේම විශාල භාණ්ඩ හ`ිගයක් ඇති වීමත් මෙහි අනිවාර්ය ප්‍රතිඵලයයි. දැන් දැන් සිදුවෙමින් පවතින්නේ එයයි. මෙය අධිඋද්ධමන තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත්, සියල්ල පාලනයෙන් ගිලිහෙනු ඇත. එය අතිශය බරපතළ තත්ත්වයකි.

ශ්‍රී ලංකාව මෙම අර්බුදයට ඇදවැට්ටවූයේ එකවර නොවේ. එක් ආණ්ඩුවක් පමණක් නොවේ; එක් පාලනයක් පමණක් නොවේ. මේ වසර 73ක් කරගසාගෙන පැමිණි පසුගාමී, දූෂිත ධනේශ්වර ආර්ථිකයේ ප්‍රතිඵලයකි. දැන් එයට වගඋත්තරකරුවන් නැත. මෙතෙක් රට පාලනය කළ සියල්ලෝම තොත්ත බබාලා වෙති. ඒ අන් කිසිවක් නිසා නොව කෙටිකාලීනව රට කරවන්නන්ගේ අභිවෘද්ධිය තකා ගෙන ගිය ප්‍රතිපත්ති විරහිත, වංචනික ආර්ථික ගමන නිසා ය. කොමිස් සහ අල්ලස් යනු එම විනාශකාරී ආර්ථික ගමනේ මෙවලම් ය. ඉන් පාලකයෝ සුඛිත මුදිත වූහ. ජනතාව අන්ත අසරණ විය. තව දුරටත් මෙම අදූරදර්ශී ගමන වළකාගත නොහැකි නම්, ජනතාව අන්ත අගාධයේ පතුලට ම ඇදවැටීමට නියමිත ය.

එබැවින්, දැන් ඉතිරිව තිබෙන්නේ ව්‍යසනයේ වගඋත්තරකරුවන්ගෙන් උදවු පැතීම නොවේ. ඔවුහු ජාතික ආපදාවන් හි දී පවා මහජන දේපළම සොරාකන්නනෝ ය. දැන් අවශ්‍ය ජනතා පාලනයකි. ජනතා පාලනයක් යනු වැඩ කරන ජනතාවගේ පාලනයක් ය; සැබෑ ජනතා පාලනයක් ය. රට ගොඩනඟන ස්ථීර ආර්ථික ප්‍රතිපත්ති මත බලය ඉල්ලන විශ්වසනීය දේශපාලන ව්‍යාපාරයක මඟපෙන්වීම එයට අවශ්‍ය ය. වලවුකාර, ජාවාරම්කාර සුළුතරයේ පාලනයට එරෙහිව බහුතර ජනතාවගේ පාලනයක් ඇති කළ යුතු ය. එවන් දිරිමත් තීරණයක් ජනතාව ගත යුතු ය. එවිට අපට ම එක් වී අපේ රට දිනවිය හැකි ය. තත්ත්වයන් මෝරමින් තිබෙන්නේ ඒ දෙසට ය. මේ සැබෑ ජනතාවගේ වාරයයි●

 

 

 

Leave A Reply

Your email address will not be published.

8 + eighteen =