හොරුන්ව ඇල්ලීම – “හොරුන්ට හසුවීම”

Ranil to join Gota? ( රනිල් ගෝටට එක් වන්නද?)කියලා තමයි මේ ෆොටෝ එක දාලා නිවුස් එක ගියේ..
අපිට අහන්න තියෙන්නෙ මෙතන අහන්න ප්‍රශ්නයක් තියෙනවද කියන එක..
රනිල්, සජිත් ඇතුළු පිරිස හිරේ නොයා ඉන්නෙත්, රාජපක්ෂලා හිරේ නොයා හිටියෙත් මේ මිනිසුන්ට පේන්නැති ” ජොයින්ට්” එක හින්දා මිස වෙන කොහොමද?.
ඒ කියන ඩීල් එක ටිකක් හරි වෙනස්වෙයි කියලා මිනිස්සු තදින් විශ්වාස කළ එක අවස්ථාවක් වන්නේ 2015..
එතකොට ජවිපෙ විසිනුත් රාජපක්ෂ කඳවුරේ හොරකම් ගැන අතිශය ප්‍රබල සමාජ මතයක් ගොඩනගා තිබුණා.. ඒකෙ වාසියත් සම්පූර්ණයෙන්ම රනිල්ගේ කඳවුරට ගිහින් 2015 රනිල්ලා ආණ්ඩුව පිහෙටෙව්වා..
මිනිස්සු හිතුවා රනිල්ලා හොරුන්ට දෙයි ගේම දෙපිටින් යන්න කියලා.. ඇල්ලුව තමයි. ආණ්ඩුව හොරු ඇල්ලුවේ නෑ.. හොරු ආණ්ඩුව ඇල්ලුවා. පටන් ගත්තෙ මහ බැංකුව කඩලා..

අන්තිමේට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා හිටිය නිළධාරීන්ට සිද්ධ වුණා ” මුන් හෙණ ඩීල් එකක් දාගෙන ඉන්නෙ, මුන්ගේ ඩීල් හින්දා නිළධාරීන් ලෙස අපේ බෙල්ල යන්නේ, අපිත් අපේ වැඩක් කරගමු ” කියලා සයිඩ් ගහන්න.
ඊට පස්සෙ ආවෙ මහ බැංකු හොරුඇල්ලීමේ යුගය.. මහ බැංකුවේ බැඳුම්කර විකිණීම හරහා මහා හොරකමක් වී ඇති බවට මුළින්ම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ ජවිපෙ නායක අනුර දිසානායක ය.
ඒකත් ප්‍රබල මතයක් බවටත් එජාපයට එරෙහිව මහා ජනමතයක් ගොඩ නැගීම දක්වාත්, තවත් හේතු ද මත, වර්ධනය වුණා..
2019 දි ආපහු මහබැංකු හොරු අල්ලන්න හිටපු හොරු බලයට ගෙනාවා..
හොරු අල්ලන්නෙත් නෑ..හොරකමේ අඩුවකුත් නෑ.. රට හැදුනෙත් නෑ..
මේ අවස්ථා දෙක ඉතිහාසයේ කවරදාටත් වඩා සමීපව මිනිසුන්ට දැනෙන අවස්ථා දෙකක් බවට පත්ව ඇති බව අද සමාජය තුළින් පේන්න තියෙනවා..
මිනිසුන්ට සතුටින් සිටිය හැකි රටක්… ඒක තමයි අපේ සිහිනය..
– ජානක අධිකාරී (fb)

Leave A Reply

Your email address will not be published.

18 − 16 =