උතුරේ චීන විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවයි !

උතුරු පළාතේ ඩෙල්ෆ්ට්, නයනතිව්, අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

තුන්වන පාර්ශ්වයක් විසින් ආරක්ෂාව ගැන මතු කළ කරුණු හේතුවෙන් මේ තීරණය ගත් බව තානාපති කාර්යාලය සඳහන් කර තිබේ. මේ අතර, උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටින බව වාර්තා වේ.
ජාත්‍යන්තර නාවුක ගමනාගමන දත්තවලට අනුව එම නෞකාව නැංගුරම්ලා ඇත්තේ බේරුවල සිට නාවික සැතපුම් 12.4 ක සෘජු දුරකිනි.

Leave A Reply

Your email address will not be published.

1 × 3 =