T10 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ඊයේ (01) වනිඳු හසරංග ගෙන්

T10 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග අබුඩාබි ක්‍රීඩාංගනයේදී ඊයේ (02) සමත්වී තිබේ.

මේ වන විට පැවැත්වෙන අබුඩාබි T10 ලීග් තරඟාවලියේදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංග බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්‍ෂතාවය දක්වා ඇත.

ඊයේ අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 140 ක් රැස් කළේය.

එහිදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ටොම් කෝලර් කැඩ්මෝර් පන්දු 39කදී ලකුණු 96ක් රැස් කළ අතර හයේ පහර 5කින් සහ හතරේ පහර 12 ක් ඊට ඇතුලත් විය.

මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වු වනිඳු හසරංග සිය පන්දුවාර 2කේදී ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
වනිදුගේ දෙවන පන්දුවාර නිලකුණු පන්දුවාරයක් වන අතර එම පන්දුවාරයේදී වනිඳු කඩුලු 3ක් දවාගත්තේය.

එම තරගාවලියේ හොඳම පන්දු යැවීම ලෙසද වාර්තා විය.

ඊයේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වනිඳු හසරංග මෙවර තරගාවලියේදී කඩුලු 18ක් බිඳහෙලා ඇති අතර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩකයෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවද සම කිරීමට වනිඳු ඊයේ සමත් වී තිබේ.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

one × 3 =