කකුළුවෝ සහ මකුළුවෝ මුහුරත් උලෙළ 02 දා

‘කොළඹ අපි ආවා’ ටෙලි නාට්‍යය නිර්මාණය කළ සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ නවතම ටෙලි නිර්මාණයේ මුහුරත් උලෙළ 2019 දෙසැම්බර් 02 වන දින පෙරවරු 10.30ට කොළඹ 07 බස්නාහිර පළාත්සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්වේ.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නයෝමි තක්ෂිලා, වොල්ගා කල්පනී, දිලිනි ලක්මාලි තිරිමාන්න, උදයන්ති කුලතුංග, ටීනා ෂනෙල්, සමන්ති ලැනරෝල්, අයේෂා දිසානායක, රුවන් වික්‍රමසිංහ, ගංගා වැලිවත්ත, දිනිඳු ඒකනායක, අංජන ප්‍රේමරත්න, කැලූම් ශ්‍රී, චතුරංග කාංචන, සුරංගි කොඩිතුවක්කු, ගායක දිනේෂ් තරංග, නිවේදක තිළිණ ද සිල්වා, වාදක ජනක කල්තොටගේ ඇතුළු ශිල්පීන් රැසක් මේ සඳහා දායකත්වය සපයන අතර රවීන්ද්‍ර ප්‍රියදර්ශනගේ නිෂ්පාදනයකි.

‘අපේ ටීවී ඇකඩමි’ හි පුහුණුව ලැබූ සියාරා  ගඟුලි සහ චාරුක ඇතුළු ළමා නළු නිළියෝ කිහිප දෙනෙක් ද මේ සඳහා රංගනයෙන් දායක වෙති.

Leave A Reply

Your email address will not be published.

2 × 1 =