“එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි, අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා”

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාදාමයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කේබල් මත ඉදිකළ නව කැළණි පාලම ”කල්‍යාණි රන් පිවිසුම” නමින් විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක් විය.

සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ,

“විරුද්ධ පක්ෂයෙන් පාලනයෙන් ගිහින් තාම අවුරුදු දෙකයි. හැබැයි ඒ අය කතා කරන්නේ ජීවිතේට රට පාලනය කරපු කට්ටියන් නෙවෙයි වගේ.”

” පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඒකට වගකියන්න ඕනේ කියලා කියලා තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නෑ. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින් කරන්න ඕනේ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒකට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

six − 5 =