කින්නියා පාලම් පාරු අනතුරින් ළමුන් 4 ක් සමඟ 06 ක් ජීවිතක්ෂයට

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතරින් පාසල් ළමුන් 04 දෙනෙකුද සිටින බව වාර්තාවේ.

අනතුරින් දිවිගලවාගත් පුද්ගලයන් 14 දෙනෙකු කින්නියා රෝහලට ඇතුළත් කරතිබේ.

අනතුර වනවිට අදාළ පාරුවේ පාසල් ළමුන් ඇතුළු මගීන් 25ත් 35ත් අතර පිරිසක් ගමන්කරමින් සිට ඇති බවයි පොලිසිය පවසයි.

අතර අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා නාවික හමුදා කණ්ඩායම් 08ක් විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති අතරතුර මෙවැනි අනතුරු වැළැක්වීමට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කළේය.

මේ අතර පාලම් පාරුව පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්වීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

4 × 5 =