කින්නියාවල අවශ්‍ය ජොගින් ට්‍රැක්ද ? – මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට ප්‍රහාරයක්

කින්නියා, කුරන්ජන්කර්නි කලපුවේ පාරුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරත් සමඟ මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

එම අවස්ථාවේදී මෙලෙස ප්‍රදේශවාසීන් විසින් මන්ත්‍රීවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර පහරදීමෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි හානි සිදුව තිබේ.

පහත සටහන් වන්නේ මේ පිලිබඳ රොෂාන් අක්මීමන තමන ලද facebook සටහනකි.

“කින්නියාවේ පාලම් පාරුව පෙරළීමෙන් පාසල් දරුවන්ට වූ අනතුර ඔවුන්ගේ අවාසනාවක් හෝ පෙර කල කරුමයක් හෝ දෙවියන්ගේ කැමැත්ත නොවෙයි. මොකද ඉස්ලාම් භක්තිකයන් කියන්නෙ හැම දෙයකදීම දෙවියන් විශ්වාස කරන පිරිසක්. නමුත් මේ අනතුරෙන් පස්සෙ ප්‍රදේශවාසීන් කෙලින්ම යන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස් තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට. එම නිවසට පහර දෙනවා. එම දරුවන්ට සිදුවූ ඛේදවාචකයට සැබෑ හේතුව පැහැදිලි කරගන්න ඒ හොඳටම ප්‍රමාණවත්. රවුෆ් හකීම්, මහරුෆ්, තවුෆික්, පුංචිනිලමේ, කපිල අතුකෝරාළ කන්තලේ , කින්නියාවල ජොගින් ට්‍රැක් හදන්න තිබ්බ තදියම මේ ළමයිට ආරක්ෂා සහිත ප්‍රවහන ක්‍රමයක් හදන්න තිබ්බ නම් උන් ටික මේ වෙලාවෙ ඉස්කෝලෙ ඇතුළෙ සෙල්ලම් කර කර සතුටින් ඉන්න තිබුණා.” යනුවෙනි

Leave A Reply

Your email address will not be published.

14 + 16 =