පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට සූදානමක්

පාර්ලිමේන්තු සැසිවාරය වාර අවසාන කිරීමක් සිදු කිරීමට සූදානම් බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර පවසයි. ඔහු මේ බව සඳහන් කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ඒ අනුව නව සැසිවාරය දෙසැම්බර් මස 10-12 අතර දිනෙක දී ආරම්භ වනු ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ගැන ප්‍රශ්නයක් නැති බවත් කරු ජයසූරිය ඉදිරි කාලයේ දී ද එම ධුරයේ සිටිනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

six + 19 =