DPMC වෙතින් ඔරායන් ටයර්

ත්‍රිරෝද රථ හිමියන්ට තවත් සුබ ආරංචියක් ගෙන දෙමින් පසුගිය දා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් ‘ඔරායන්’ ත්‍රිරෝද රථ ටයර් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ය.

පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සමඟ සැසැඳූ කල උසස් සහ අපනයන තත්ත්වයේ ත්‍රිරෝද රථ ටයරයක් සැමට දැරිය හැකි මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීම ‘ඔරායන්’ ටයර් ආගමනයත් සමඟ සිදු වී ඇත.

ඔරායන් ශ්‍රී ලංකාවේ මාර්ගවලට වඩාත් හොඳින් ගැළපෙන අයුරින් නිපදවා ඇති අතර, එමඟින් ත්‍රිරෝද රථයට මනා හැසිරවීමේ පහසුවක් ද ලබා දෙනු ඇත. එසේම මාර්ගය සමඟ නිසි සම්බන්ධතාව තබා ගැනීමට හැකි අයුරින් වන කට්ට රටා සමඟ ඔරායන් ටයරය, වාහනයේ බ්‍රේක් පද්ධතියට ද හිතකර වන අතර, එහි ක්‍රියාකාරීත්වය ද වැඩිදියුණු කරයි.

ඔරායන් ටයර් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් හි සහකාර සාමාන්‍යාධිකාරී (අමතර කොටස් සහ උපාංග) උදිත් විජේතුංග මහතා පැවසුවේ, අපනයන තත්ත්වයේ ටයරයක් දරාගත හැකි මිලට ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දීමට තම සමාගම කටයුතු කර ඇති බවයි. “අප සමාගම විසින්ම නිර්දේශ කරනු ලබන ටයර් තම ත්‍රිරෝද රථයට යෙදීමට කිසිදු බියක් හෝ සැකයක් ඇති කර ගත යුතු වන්නේ නැහැ. විශේෂයෙන් රෝද තුනක් සහිත වාහනයක ටයර් පිළිබඳව වැඩි සැලැකිල්ලක් දැක්වීමට සිදු වනවා. ආරක්ෂව තහවුරු කරමින් ත්‍රිරෝද රථයේ උපරිම ක්‍රියාකාරීත්වය ලබා දෙන ඔරායන් ටයර් ත්‍රිරෝද රථයට යෙදීම පිළිබදව දෙවරක් සිතිය යුතු වන්නේ නැහැ,” යැයි විජේතුංග මහතා පැවසී ය●

Leave A Reply

Your email address will not be published.

4 × 3 =