සිරිල් ගාමිණි පියතුමාට හෙට CID යට

තුන්වන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට හෙට (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

හෙට උදෑසන 9.30ට සිරිල් ගාමිණි පියතුමන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීන ලෙස දැනුම් දුන් බව සඳහන් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා දන්නා තොරතුරු ලබාදීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක සිරිල් ගාමිණි පියතුමා විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාදීමට සිරිල් ගාමිණි පියතුමා මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබීය.

 

Leave A Reply

Your email address will not be published.

5 + 8 =