දිමුත් කරුණාරත්න අවසන් ටෙස්ට් ඉනිම 4 දී ලකුණු 560 ක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස තරඟය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 3 කට ලකුණු 267 ක් සංඛ්‍යාව දක්වා ඉහළ දමා තිබිණ.

මෙහිදී දිමුත් කරුණාරත්න නොදැවී 132 ක විශිෂ්ට පිතිහරඹයක නිරත විය. පැතුම් නිශ්ශංක ලකුණු 56 ක් හා ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56ක් ලබාගත්තේය.
පසුගිය බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ ඉනිම 3 කදී පිළිවෙලින් ලකුණු 244 ක්, 118 ක් සහ ලකුණු 66 ක් ලබාගත් දිමුත් කරුණාරත්න අවසන් ටෙස්ට් ඉනිම 4 දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 560 කි.

Leave A Reply

Your email address will not be published.

3 × five =