MCC එකෙන් වෙන බලපෑම ගැන අදහසක් තිබුණෙ නැහැ – උපවාස කළ උඩුදුම්බර හිමි කියයි

MCC ගිවිසුම අත්සන් කිරීමෙන් වන බලපෑම ගැන උපවාසය කරන අවස්ථාවේ තමන්ට අදහසක් නොතිබූ බවත්, ඒ සඳහා අධ්‍යයනයක් කිරීමට කාලයක් නොතිබූ බවත් පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කර තිබුණේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

උන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ, “ඒ ගිවිසුම අත්සන් කළොත් ඇති වන බලපෑම් ගැන අධ්‍යයනය කරන්න ඒ අවස්ථාවේ කාලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ රට වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි මම කළේ. මට දේශපාලන පක්ෂයක් නැති නිසා මට ඒකේ දිගටම රැඳිලා ඉන්න වෙලාවක් නෑ. ඒ නිසා මගේ යුතුකම මම කරල ඉවර කළා. ඒත් රටට අනර්ථයක් වෙනවා ද කියලා අපි විමසිල්ලෙන් ඉන්නේ,” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

4 × 4 =