ගෝඨාභය රාජපක්ෂගේ සහ පොහොට්ටුවේ කාබනික පොහොර නාඩගම අවසන්

රටට ගණං කරන්න බැරි ප්‍රමාණයේ පාඩුවක් කරලා ගෝඨාභය රාජපක්ෂගේ සහ පොහොට්ටුවේ කාබනික පොහොර නාඩගම අද(21) අවසන් උනේ නැවත වතාවක් පොහොර ගෙන්වීමට අනුමැතිය ලබා දීලා….
මේ වෙනකොට නුවරඑලියේ උඩරට එළවළු වගාව සම්පූර්ණයෙන්ම විනාශයි….මධ්‍යම කදුකරයේ සහ පහත රට තේ වගාකරුවන්ට මාස ගාණකින් නිසි පරිදි පොහොර නොලැඹීම නිසා රටට අහිමි වූ තේ දළු කිලෝ ප්‍රමාණය මිලියන දහය ඉක්මවාවි…
වී ගොවිතැන ගැන කතා කරන්න දෙයක් නෑ…
කුඹුරු කෑල්ලක් තියෙන හැම මිනිහම දන්නවා පෝර නැතුව සිදු වුනු සංතෑසිය…
රටක කෘෂිකර්මාන්තය කියන්නේ එක එක මානසික රෝගීන්ට රෑට රෑට පේන හීන අනුව එහෙට මෙහෙට හැරවිය යුතු සෙල්ලම් බඩුවක් නෙමෙයි…
ජාතික ආරක්ෂාවේ ප්‍රධානම අංගය තමයි රටේ ආහාර සුරක්ෂිත භාවය…
කන්න නැති ජාතියකට රටක් රැකගන්න බෑ…
හන්දි ගානේ තුවක්කුවක් දීලා හමුදා සෙබලෙක් තැබූ පමණින් ජාතික ආරක්ෂාව තර වෙනවා කියලා හිතන මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැතුව ඇති…
කෘෂිකර්මාන්තයේ ප්‍රතිපත්ති සම්පාදනය කල යුත්තේ ඒ විෂය පිලිබද හැදෑරීමක් සහ අත්දැකීමක් ඇති මිනිස්සු…නැතුව අට පාස් ඇමතිලා සහ ඕන ව්‍යසනයකින් මඩිය පුරවගන්න බිස්නස්කාරයෝ නෙමෙයි…
ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම එක රැයකින්…එක පැයකින් කරන්න බෑ….
ඊට කාලයක් ගතවෙනවා…
අනුවර්තනය යනු ක්ෂණික මෝචනය වගේ දෙයක් නෙමෙයි…
මීට මාස ගාණකට කලින් මහ කන්නයට පෙරාතුව රූපවාහිනී වැඩසටහනකදී අනුර දිසානායක කිව්වා ” එක්කෝ මේ තීරණය ගෝඨාභය අකුලනවා…එහෙම නැත්නම් සාගතයක් එනවා ” කියලා…
එදා පොහොට්ටුවේ න්‍යායාචාර්‍යවරු හිනාවුනා…
බුලත් විට කඩයක්වත් නොකරපු අනුර කොහේද මේවා ගැන කියන්නේ කියලා සමහරු ඇහුවා…
හැබැයි උන්දලා කියන්නේ නෑ ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න වාර්තා උනේ අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු මහ කන්නයේ කියලා…
අන්තිමට මොකද උනේ…
උඩරට , පහත රට හැම එළවලුවක්ම දහ ගුණයකට ආසන්නව මිල ඉහල ගියා…
එළවලු නිකං රත්තරං වගේ….
ඉල්ලුමට සරිලන සැපයුම නැති වුනාම බඩු මිල ඉහල යන එක ආර්ථික විද්‍යාවේ සරල කතාවක්…
ඩොලර් බිලියනයකට වඩා විදේශ විනිමය ගේන තේ කර්මාන්තය කාපාලු කරලා දැම්මා…
නැනෝ නයිට්‍රජන් කියලා නාඩගමක් නටලා ඉන්දියාවෙන් දියර පොහොරක් ගෙනල්ලා අන්තිමට එතනින් කෝටි ගාණකට වෙච්ච දෙයක් නෑ…
චීනයෙන් අසූචි නැවක් ගෙන්නලා ඒක රට වටේ කැරකී කැරකී හොල්මං කරන අස්සේ මහජන බැංකුවත් බ්ලැක් ලිස්ට් කරවලා දැන් අසූචි නැවටත් නිකරුනේ සල්ලි ගෙවන්න වෙලා…
නටපු නැටුමකුත් නෑ….බැංකුවේ සල්ලිත් නෑ…
මේවා හෙණ ගහන අපරාධ…
රටේ කෘෂිකර්මයත් විනාශ කරලා රට අගාධයකට ඇදලා දාලා මේ ව්‍යසනයක් අස්සෙත් කාබනික පෝර ගෙන්නන මුවාවෙන් එතනිනුත් කෝටි ගාණකට කෙලලා
හරි හමන් නීතියක් තියෙන රටක නම් මෙහෙම කාලකණ්නි තීරණ අරං රට දශක ගාණක් පස්සට අරගෙන ගියපු දේශපාලකයන්ගේ පෞද්ගලික මුදල් වලින් මේ පාඩුව පියවනවා….
එහෙම බැරි නම් උන්ගේ දේපල හරි රාජසන්තක කරනවා…
ඒත් ඉතින් මේක ලංකාවනේ…

– පන්සිළු දිනිත් (fb)

Leave A Reply

Your email address will not be published.

two × 1 =