නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ ගෙන්වීමට අවසර

මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර ගැටලුව විසදීමේ අරමුණින් වී, බඩ ඉරිගු , එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇතැයි ද ආනයනය කරනු ලබන පොහොර වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබදව කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය හිමිවිය යුතු බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වරයා මාධ්‍යට පවසා තිබුනේ

“විෂදායක නොවන ඉහළ ප්‍රමිතියෙන් යුත් නියමිත ප්‍රමාණයන් රෙජිස්ටාර් ගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ අධීක්ෂණය සහ කමිටු අධීක්ෂණය යටතේ, කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා, ඒ ප්‍රමාණවලින් අපිට රජය මඟින් බලතල දීලා තියෙනවා ආනයනය අපනයන අවශ්‍ය ප්‍රමාණයට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා. අපි දැනටමත් වැඩපිළිවෙල සකස් කරලා විශේෂයෙන් ම අපි සමග ලියාපදිංචිවෙලා තියෙන සමාගම් හරහා අධීක්ෂණය හරහා ගෙන්වීමට දැනටම කටයුතු කරලා තියෙනවා.”

“යුරියා කියන්නේ මහා භායානක පොහොර ද්‍රව්‍යක් නොවේ. හැබැයි භයානක චිත්‍රයක් මවලා තියෙනවා, මගේ අම්මෝ යූරියා කියලා. යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය අධිකයි. බොහොම බාල ඒවා ගෙනත් ලාබෙට දීලා නිකනුත් දුන්නම මේක මිස්යූස් කරනවා. මිස්යූස් කරාම හානිය වෙන්නේ අර හොඳ පොහොරට. අපි නිවැරදි කරන්න යන්නේ, යූරියා කියන්නේ මේ අති භායානක පොහොරක් නොවේ.”

පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව පසුගිය මැයි 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය.

මෙම තීරණයෙන් පසු ගොවි ජනතාව රටපුරා උද්ඝෝෂණවල නිරතවුණේ ගොවි බිම් වලට ලබාබෙන ජලයද ප්‍රතික්ෂේප කරමින් මහකන්නයේ වගාවන්ගෙන්ද ඉවත් වෙමිනි.

Leave A Reply

Your email address will not be published.

twenty − eight =