ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය ජීවිතයේ අපේක්ෂාවන් සැබෑ කිරීමට සැරැසෙයි

මවුපිය පදවි අපේක්ෂාවෙන් සිටින නමුත්, මඳසරු බවේ ගැටලුවලට මුහුණ දී සිටින අඹු-සැමියන් සඳහා විශ්වසනීයත්වයෙන් යුතු සහායක් ලබා දීමේ අරමුණ ඇතිව ආසිරි Nova IVF සහ Fertility  මධ්‍යස්ථානය පසුගිය දා ආසිරි රෝහල් පරිශ්‍රයෙහි චාම් උත්සවයක් එළිදැක්වීය.

Nova IVF Fertility (NIF), ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මඳසරු බව සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රත්‍යක්ෂ කරන ලද සායනික පර්යේෂණ සහ ආචාරධාර්මික විනිවිදභාවයෙන් යුත් සායනික භාවිතයන් හරහා ඉහළ සාර්ථකත්ව ප්‍රතිඵල සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. අද වන විට ඉන්දියාවේ Nova IVF විසින් අති නවීන සහාය ප්‍රජනන තාක්ෂණය (Assisted Reproductive Technology) භාවිත කරමින් IVF ගැබ් ගැනීම් 40,000කට අධික ප්‍රමාණයක් සාර්ථකව සිදු කර ඇත.

මෙම උත්සවයේ දී අදහස් දැක් වූ ආසිරි රෝහල් සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා මෙසේ පැවසීය : “රටේ ජනතාවගේ මඳසරුභාවය නිසා වන ගැටලු වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ උසස් තත්ත්වයේ, දියුණු ප්‍රජනන ප්‍රතිකාරවල අවශ්‍යතාව අප හඳුනා ගත්තා. මෙම හවුල්කාරීත්වය හරහා අපගේ අරමුණ වන්නේ විශ්වසනීය සහ ඉතා විශිෂ්ට වෛද්‍ය සේවාවක් තුළින් විශ්වසනීය පරිසරයක් තුළ ප්‍රමිතිගත සහ විශිෂ්ට සායනික සත්කාරයක් සැපයීමයි. ඒ වෙනුවෙන් නවතම තාක්ෂණයෙන් සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වූ ක්‍රියා පටිපාටිවලින් සමන්විත අපගේ ප්‍රවීණ සාඵල්‍යතා විශේෂඥ කණ්ඩායම ඉහළ සාර්ථකත්වයන් අත් කර ගැනීම සඳහා සූදානමින් සිටියි.”

ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය ප්‍රමුඛ පෙළේ තාක්ෂණය භාවිත කරනු ලබන පළපුරුදු මඳසරුභාවය පිළිබඳ විශේෂඥයන්, සායනික කළල විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, පෝෂණවේදීන් සහ උපදේශකයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කණ්ඩායමක් හරහා මවුපියන් වීමට අපේක්ෂාවෙන් සිටින්නන්ගේ ආදරණීය සිහින ජීවිතයට පූර්ණ සහායක ප්‍රජනන ප්‍රතිකාර මාලාවක් ලබා දෙයි●

 

 

 

Leave A Reply

Your email address will not be published.

2 + 15 =