OPPO ColorOS 12 නිකුත් වේ

OPPO සමාගම ColorOS 12 මෙහෙයුම් පද්ධතිය ගෝලීය මට්ටමින් නිකුත් කිරීමට පසුගිය දා කටයුතු කෙරිණි. Android 12 පදනම් කර ගත් මෙම නවතම මෙහෙයුම් පද්ධතිය නව විශේෂාංග රැසකින් සමන්විත වන අතර, එය දුරකථන භාවිත කරන්නන්ට නවතම අත්දැකීමක් ගෙනෙනු ඇත. විශේෂයෙන්ම රැකියා ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබර කර ගැනීමට උපකාරී වන අංග පෙළක් ඊට ඇතුළත් වී තිබේ.

මේ අනුව OPPO ලොව Android 12 භාවිත OEM සමාගම් කිහිපය අතුරින් එකක් බවට පත්වී ඇත. ආරම්භයේ දී ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල Find X3 මාදිලි සඳහා මෙය භාවිත වනු ඇති අතර, ඉදිරි මාස කිහිපයේ දී අනෙකුත් රටවල්වලට ද ක්‍ ColorOS 12 හඳුන්වා දීමට සැලැසුම් කර තිබේ.

Infinite Design සංකල්පය පදනම් කරගත් ColorOS 12 ඉතාමත් නම්‍යශීලී මෙහෙයුම් පද්ධතියක් නිසා එය විවිධ දුරකථන වර්ගවලට අනුව මෙන්ම, විවිධ රටවල්, භාෂා හා සංස්කෘතීන් අනුව ද සකස් කර ගැනීමේ හැකියාව පවතී. මෙහි යොදා ඇති Quantum Animation Engine, වැඩිදියුණු කරන ලද සජීවීකරණ මාදිලි 300කට අධික සංඛ්‍යාවක් සමඟින් වඩාත් ස්වාභාවික සජීවීකරණ අත්දැකීමක් ලබා දෙයි. PC Connect, 3-Finger Translate powered by Google Lens, FlexDrop සහ Phone Manager වැනි අංග නිසා ක්‍දකදරධී 12 පද්ධතිය ඵලදායීතාව වැඩි කර ගැනීමට ද බෙහෙවින් උපකාරී වේ.

ආරක්ෂාවට ද ColorOS 12 හි දී මුල් තැනක් ලබා දී ඇති අතර, ඒ සඳහා මෙයට Privacy Dashboards, Approximate Location Sharing සහ Microphone වැනි අංග රැසක් යොදා තිබේ. මීට අමතරව ආරක්ෂාව වෙනුවෙන්ම සැලැසුම් කරන ලද තවත් නවතම අංග මෙන්ම, Private System, Private Safe, App Lock වැනි ජනප්‍රිය අංග ද ඊට ඇතුළත් ය. එමෙන්ම දත්ත ගබඩා කිරීම සහ පිරිසැකසුම් කිරීම සම්බන්ධයෙන් විනිවිදභාවය තහවුරු කිරීමට OPPO පියවර ගෙන තිබේ. ලොව ආසන්නතම සර්වර්වල පාරිභෝගික දත්ත non-plain text ලෙස ගබඩා කෙරෙන අතර, දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ePrivacy සහ  ISO27001 වැනි සහතිකකරණයන් OPPO වෙත හිමි වී ඇති අතර, අනුකූලතා අධීක්ෂණය සඳහා තුන්වන පාර්ශ්ව අධීක්ෂක ආයතනයක සේවය ද ලබාගෙන ඇත●

 

පුෂ්ප එපිටකඩුව

 

Leave A Reply

Your email address will not be published.

eighteen + 18 =