යුද්ධයට කිසිදු අදාළත්වයක් නැති බුදු දහම යුධ ජයග්‍රහණ වෙනුවෙන් ස්මාරකයක් හැටියට යොදා ගැනීම

Death and the Maiden සිනමා පටයේ මැදි වියේ පොලීනාට සිය යටගිය තරුණ අවධියේදී ඇයව සමූහ දූෂණයට ලක් කළ පිරිසක් අතුරින් එක් අයකු සිය මෝටර් රථය කැඩී අනපේක්ෂිත රාත්රියක තමන් සහ සිය ස්වාමි පුරුෂයා ජීවත් වෙන නිවසට කිසිවක් නොදැන අවතැන්වූවකු හැටියට අහම්බෙන් පැමිණි විට හමු වෙයි. මේ පුද්ගලයා වෛද්යවරයෙකි. වෛද්යවරයා විසින් ඒ වන විට රූපය වෙනස්ව ඇති ඇයව හදුනා නොගත්තත් පොලීනාට වෛද්යවරයා ගැන සැකයක් ඇති වේ. පොලීනා මේ සැකය දුරු කර ගන්නේ මේ වෛද්යවරයාගේ මහමග දමා තිබුණ ඔහුගේ මෝටර් රථය හොර රහසේ පරීක්ෂා කර බැලීමෙන් පසු මෝටර් රථයේ කැබින් එකේ තිබී හමු උන කැසට්පටයක් දැකීමෙනුයි. තමා ලගට අවතැන්ව පැමිණ ඇත්තේ කලෙක තමන්ට අමිහිරි අද්දැකීමක් ලබා දුන් සාපරාධී පුද්ගලයා බව සනාථ කර ගැනීමෙන් පසු පොලීනා අසහනයටත්, ක්රෝධයටත් පත් වේ. ඇය ඔහුට දසවද දීමට සිතයි. ඒ අනුව වැඩ කරයි. විටෙක අත්හැර දමයි. ඇය අවුල් වෙයි. අන් අය අතුරින් මේ වෛද්යවරයා පොලීනා දූෂණය කර ඇත්තේ Schubert සංගීතවේදියාගේ ‘‘මරණය සහ කණ්යාවිය‘‘ පටිගත සංගීත නිර්මාණය ශ්රවණය කරමිනි. ‘‘මරණය සහ කණ්යාවිය‘‘ යනු බටහිර කලා නිර්මාණ ක්රියාවලිය තුළ මධ්යතන හා පුනරුද විවිධ සිත්තරුන් චිත්රයට නගන ලද සංකල්පයකි.
ඇටසැකිල්ලක් හෝ අවතාරයක් බදු පිරිමියකු රූමත් තරුණියකට බලහත්කාරකම් කිරීම හෝ දූෂණය කිරීම මේ චිත්ර වල පෙනෙන දෘෂ්යමානයයි. ඇටසැකිල්ල මගින් මරණය සංකේතවත් කරන අතර ඒ අනුව ස්ත්රිය දූෂණයට ලක් වීම මගින් ශාරීරිකව ඇය මිය නොගියත් සංකල්පීයව ඇය මිය යාම, ආත්මීයව මිය ගිය පිරිමියකුට එසේ කළ හැකි වීම, ලිංගිකත්වයේ මරණාශය ආදී විවිධ කියවීම් මේ චිත්රාවලි අරබයා ඇත. මේ මාතෘකාව ම විෂය කර ගත් ‘‘මරණය සහ කණාවිය‘‘ නමින් ම Schubert නිර්මාණය කළ සංගීත නිර්මාණය ශ්රවණය කරමින් එය ඇයටද ඇහෙන ගමන් පොලීනා දූෂණය කිරීම මේ වෛද්යවරයාගේ විකෘති වූද, සාහසික වූද, දුෂ්ට වූද සාපරාධී වූද සංකීර්ණ වූද චිත්ත ස්වභාවයයි. ඇය දූෂණය වෙනවාටත් වඩා දරුණුම පීඩාවට පත් වන්නේ මේ ‘‘මරණය සහ කණ්යාවිය‘‘ සංගීත නිර්මාණය නිසයි.
බුදු දහම යනු සිත නිවන ආගමකි. බුදු දහම වෙනුවෙන් ආමිස පූජා පවත්වන්නේ ඒ තරමට ම එම ධර්මය ආගමක් වී ඇති නිසා ය. ධර්මයක් ආගමක් කර ගැනීම ගැන අපිට කිසිවක් කිව නොහැකි ය. ඒ මනුස්සයින්ගේ ස්වභාවය ය. ධර්මයක් ආගමක් වීමෙන් සමාජයට ලැබුණ ඵල ප්රයෝජන ද නැතුවා නොවේ. ආගම් නිසා ලැබුණ ලොව අසහාය කලා නිර්මාණ ප්රමාණය අප්රමාණ ය. නමුත් සදහිරු සෑය යනු ආගමක තත්වයට වඩා දරුණු ප්රවේෂයකි. එය නිමවා ඇත්තේ යුධ ජයග්රහණ සදහා වන ස්මාරකයක් හැටියට ය. යුද්ධයට කිසිදු අදාළත්වයක් නැති බුදු දහම යුධ ජයග්රහණ වෙනුවෙන් ස්මාරකයක් හැටියට යොදා ගැනීම මම දකින්නේ ඉහත සදහන් කළ වෛද්යවරයා Schubert නිර්මාණය කළ සංගීත නිර්මාණයක් ශ්රවණය කරමින් එය පොලීනාට ද ඇහෙන ගමන් පොලීනා දූෂණය කිරීම වගේ වෙනත් ආකාරයක විකෘති වූද, සාහසික වූද, දුෂ්ට වූද අතාර්කික වූද නරක ආදර්ශයක් හැටියට ය.

 

– සුජිත් රත්නායක (fb)

Leave A Reply

Your email address will not be published.

two × 1 =