ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා ශූරීන් සිය අමිල පුස්තකාලය ජනතා විමුක්ති පෙරමුණට පරිත්‍යාග කරයි

පුරා දශක 06කට වැඩි කාලයක් ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ කෙටි කතාව, නව කතාව හා පරිවර්තන සාහිත්‍යයට මෙන්ම විචාර ක්ෂේත්‍රයටද අමිල සේවයක් ඉටු කළ ලංකා ලේඛක සංවිධානයේ දිගු කලක් සභාපතිත්වය දැරූ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා ශූරීන් සිය ජීවිත කාලය පුරා උපයාගත් මිල කළ නොහැකි පොත්පත්වලින් සමන්විත පුස්තකාලය වඩා යහපත් සමාජයක් වෙනුවෙන් අනාගත පරපුරට පරිශීලනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙත පරිත්‍යාග කළේය.

එම පරිත්‍යාගය භාරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, සමාජවාදී කලා සංගමය නියෝජනය කරමින් ප්‍රේමරත්න තෙන්නකෝන් සහ ජවිපෙ කෝට්ටේ නාගරික මන්ත්‍රී අජිත ධම්මික බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාග වූ අතර මෙම අවස්ථාවට ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා, විමලසිරි ලේකම් නාමගේ යන ප්‍රවීන ලේඛකයින් ද සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.

2 × 3 =