“යුධ සැමරුමට සඳහිරු සෑයක් අපට අවශ්‍යද?”

- අගලකඩ සිරිසුමන හිමි

අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය විවෘත කිරීම ඊයේ (18) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඟසතු කළේය. ඊට රට පුරා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද සහභාගීවී සිටියේය.
මේ උත්සවය සඳහා මිට දින කිහිපයකට පෙර ආරාධනා පත්‍ර යවා තිබියදීත් මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි එම උත්සවයට සහභාගී නොවන බව පසුගිය දිනක සිය මුහුණු පොතේ සටහන් කර තිබිණි. මීට තෙදිනකට පෙර එනම් පසුගිය 17 වෙනිදා සිය මුහුණු පොතේ සඳහන් කර තිබුණේ “යුධ සැමරුමට සඳහිරු සෑයක් අපට අවශ්‍යද? මෙය විවෘත කිරීමේ උළෙලට ලද ඇරයුම ප්‍රතික්ෂේප කරමි” යි යනුවෙන් එහි දක්වා තිබිණි.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් තැබූ මෙම ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වමින් සිටින පිරිසට පිළිතුරු ලබා දෙමින් සිරිසුමන හිමියන් පහත දැක්වෙන පරිදි පිළිතුරු ලබා දී තිබේ.

“එහෙම ඇහුවෙ මොකද මේකට මම විරුද්ධ යුධ සැමරුමක් නිසා. ඒක රටට ලොකු අපලයක් වේවි.
මම මේකට මුල්ගල් තැබූ දවසේ ඉදලම විරුද්ධව කතා කළා හිමියෙනි රටට විපත් ඇති කරන්න මේව බලපාන්න පුළුවන්. මේ වෙලාවෙ මේවට කොපමණ වියදම් කරනවද?.”

අගලකඩ සිරිසුමන හිමියන් ෆේස්බුක් හි තබන ලද සටහනට ප්‍රතිචාර ලෙස පහත සඳහන් පරිදි මෙසේද සටහන් කර තිබේ.(කිහිපයක් පමණි)

සූරියවැව සුමේධ හිමි

“ගැමුණු රජු ශ්‍රද්ධාවෙන් බුදුසසුනට පූජා කළ දාගැබ් පමණක් වත්මන වෙද්දි බැබලෙද්දි ඇයි දෙමළමහා සෑය නටබුන් වුනේ කියල හිතන්න බැරි පාලකයෝ!
සෘජු තීරණයක්. ඇරත් මහාථූපය ලගම තවත් අනු මහාථූපයක් ඉදිකිරීමම අනුචිතයි. එය බස්නාහිරට වෙන්න කලා නම් පොඩි හරි හේතුවක් හදන්න තිබ්බා. කාලීන අවශ්‍යතා හදුනා නොගැනීමේත් ගැටලුවක් ලෙසත් එය හදුන්වන්න පුලුවන්. සකල කාරණා විමසා ගත් තීරණයට”

දේව මිචෙල් ද සිල්වා
“ජාතියේ නාමයෙන් අපේ නායක නාහිමිපාණන් වහන්සේ ගනු ලැබු එඩිතර වීරෝධාර සෘජු තීරණය සියලු සඟ බලවේගයන්‍ට මෙන්ම මුළු මහත් ශ්‍රී ලාංකේය ජාතියටම ලබා දුන් අති විශිෂ්ඨ ආදර්ශයකි. යුගයේ මහණකම කුමක්ද යන්න මුළු ලොවට හඬ ගා කියන රට,දැය,සමයේ පිනට උපන් අපේ යතිවරයාණන් වහන්සේට ගෞරව පුර්වක ප්‍රණාමය සමඟින් ආයු, වර්ණ, සැප, බල පිරි ප්‍රඥාව ප්‍රාර්ථනා කරමි.”

තිවංක විශ්වනාත් ජයසේකර
“ප්‍රතිවාදියාට ගෞරව පිණිස දෙමළ මහාසෑය හදපු රටක යුධ ජයග්‍රහණ සමරන්න චෛත්‍ය හදනවා”

දේශබන්දු චමින්ද ජනප්‍රිය
“රාජපක්ෂ පවුලේ තිර ජීවනයට (පරළොව සැපත් ඇතුළුව) කරන විහාර කර්මාන්තය ක්…
බුදු දහමට අනුව නිවැරැදි ක්‍රියාවක් වන බැවින් සහභාගී විමට යහපත්… නමුත් කරවූවන් ගැන ප්‍රශස්ති නොගයා සීටීම යහපති…”

මෙදේරිපිටියේ විමලරතන හිමි
“මේ පාලකයන් සැබෑ ආගමික හැගීමක් ඇතිනම් කළ යුත්තේ ජනතාව පීඩනයට පත් කරණ ඔවුන්ගේම දූෂණ වංචා නවතා ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමයි. මේ ආගමික පුද පූජා හුදු සංදර්ශන පමණි.”

සියඹලාගොඩ ධම්මින්ධ හිමි
“මෙවන් කශේරුකාවක් සෑම භික්ෂුවකට ම තිබුණේ නම් රට මෙතරම් අරාජික නොවන්න ඉඩ තිබුණි ඔබ වහන්සේට අපගේ ගෞරවය”

අමිල සුදර්ශන

“මේ සෑය පිළිබඳ බොහෝ ජනතාව අතර පැහැදීමක් නෑ අපේ හාමුදුරුවනේ ..දාගැබ දේශපාලනීකරණය වෙලා.කරපු පව් වහගන්න හදපු එකක් විදියට.ඇත්තටම ඒක ගැන කනගාටුවක් තියෙන්නේ .කොහොම වුණත් දැන් දාගැබ ගැන සියලු ලෝකවාසී ජනතාවට ශ්‍රද්ධාවක් ඇතිවෙන්න ඕන ..”

කුඩලිගම නාරද හිමි

“රටේ කීර්තිමත් උගතෙකු ලෙස,දේශපාලන මඩ ගොහොරැවේ නොගෑවී,මධ්‍යස්ථ මතයක සිට කටයුතු කරන ඔබවහන්සේට ,තුන්වේල කන්න නැති අසරණ මිනිස්සු වෙනුවෙන් පිං දෙමි.නිරෝගී සුවය පතමි.(මහාචාර්යවරැ කියන ඇතැමුන් දේශපාලන හෙන්චයියන් වී තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් වැඩ කරති..රටට,ජනතාවට හෙන ගැහුවත් උන්ට කම් නැත.)”

 

Leave A Reply

Your email address will not be published.

seven − five =