ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉවත් වෙයි !

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙනි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී. පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම බාරගන්නා අවස්ථාව හා සැසඳීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බව ද ඔහු එහි සඳහන් කර තිබේ. ‘මේ විශිෂ්ඨ රටේ පුහුණුකිරීම් කළ සෑම විනාඩියකටම මම ආදරය කරනවා’ යනුවෙන් ද ඔහු සිය සටහනේ දක්වා ඇත.

Leave A Reply

Your email address will not be published.

17 + 19 =