ලොව ධනවත්ම රට බවට චීනය පත්වෙයි

ආඩම්බරකාරි එකි වාර්තාව මෙතෙක් තබා ගෙන තිබුනේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එය එක්සත් ජනපදයෙන් ගලවා චීනය තමා සතුකරගෙන ඇත.
ලෝක ආදායමෙන් 60%කට වඩා නියෝජනය කරන රටවල් දහයක ජාතික ශේෂ පත්‍ර පරීක්ෂා කරන උපදේශකවරුන් වන McKinsey & Co. හි පර්යේෂණ අංශයේ නව .අධ්‍යයනය වාර්තාවට අනුව, ලොව පුරා ශුද්ධ වටිනාකම 2000 දී ඩොලර් ට්‍රිලියන 156 සිට 2020 දී ඩොලර් ට්‍රිලියන 514 දක්වා ඉහළ ගියේය. එකී වැඩිවීමෙන් තුනෙන් එකක් පමණ චීනය සතු විය. චීනය සතු ශුද්ධ ධනය 2000 දී ඩොලර් ට්‍රිලියන 7 කි 2020 වනවිට එය මවිතකර ලෙස ඩොලර් ට්‍රිලියන 120 දක්වා ඉහළ නැංවීය.
McKinsey & Co වාර්තාව පෙන්නුම් කළේ පසුගිය දශක දෙක තුළ චිනයේ් ශුද්ධ වටිනාකමේ තියුණු වැඩිවීම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීම අභිබවා ගොස් ඇති අතර එය බැංකු පොලී අනුපාත පහත වැටෙනවිට ඉහළ යන දේපලවලට ආයෝඡනය කර ඇති බවයි ඔවුහු ඒ මගින් සිය ආර්ථිකයට ඉන්ධන ලබා දී ඇත
එම කාලය තුළම එක්සත් ජනපදය එහි ශුද්ධ වටිනාකම ඩොලර් ට්‍රිලියන 90 දක්වා දෙගුණයකටත් වඩා වැඩි විය. කෙසේ වෙතත්, දේපල මිල ඉහළ යාම නිසා ඇමෙරිකානු ජාතියට චීනය පරාජය කිරීමට නොහැකි විය
ලෝකයේ විශාලතම ආර්ථිකයන් සතු රටවල් දෙකෙහිම ධනයෙන් තුනෙන් දෙකකට වඩා ධනවත්ම 10% කුටුම්භ සතු වන අතර ඔවුන්ගේ එකි කොටස වැඩිවෙමින් පවතින බව වාර්තාව පවසයි
– උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

four × one =