2026 විස්සයි විස්ස සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) මෙහෙයවන 2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සත්කාරත්වය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2012 වසරේ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.

එම තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2012 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්විය.

Leave A Reply

Your email address will not be published.

six + 20 =