දේශපාලන අර්ථ ඔස්සේ මා සමඟ පියනඟලා ඔබේ සෞන්දර්යයට යන්න

වෛද්‍ය මංගලනාත් උඩුකල

  වෛද්‍යවරයා තුළින් ඡායාරූප ශිල්පියා බිහිවන්නේ කොහොමද?

 චිත්‍ර ශිල්පයට තමයි පාසල් කාලය තුළ ආදරයක් දැක්වූයේ. උසස් පෙළ හදාරන කාලයේ සමාජය තුළ ඡායාරුප ශිල්පය ගැන ලොකු කතාබහක් තිබුණා වාගේ ම ඒකට අවශ්‍ය වටාපිටාවක් හැදුණා. ‘ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය’ ඒකට වැඩිම ඉඩ හැදුවා. 1989 වසරේ සංගමයට එකතු වෙලා ඡායාරූප ශිල්පය හැදෑරුවා. ඒක වසර තුනක පාඨමාලාවක්. මේ කාලයේ  ඡායාරූප තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ කළා වාගේම හැම තැනම ඇවිද්දා. මෙයට සමගාමීවම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමත් සිදු වුණා. ඡායාරූප කලා සංගමය තුළ දෙවන වසර ගෙවෙද්දී අනපේක්ෂිතව කැමරාව ලැබුණා. ඒක තෑග්ගක්. ඒක  මි.මී 50 සහ මි.මී 135 කාච දෙකක් සමඟ ඡර්නඑසජ් ඊ 200 කැමරාවක්. ඡායාරූප ශිල්පය පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගැනීමෙන් වසර කිහිපයකට පසු 1995 වසරේ  ඡායාරූප 50ක් සහිතව කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේ දී මේ වගේම මගේ පළමු ඒකපුද්ගල ප්‍රදර්ශනය කළා. එදා ‘නිමේශ’ කියලා මම ඒකට නම තිබ්බා. මගේ ‘නිමේශ’ ප්‍රදර්ශන චාරිකාවේ දෙවන පියවර තමයි ‘විවේකී මිනිස්සු’ කියන්නෙ.

  මෙම ඡායාරූප ප්‍රදර්ශන අතර වෙනස මොකක්ද?

මගේ මේ ඡායාරූප සීමිත සංඛ්‍යාව අතර ඇත්තටම වෙනස්කමක් තියනවා. මේ ඡායාරූප නැවත කිසිම සංස්කරණයකට ලක් කරලා නෑ. ඒ වාගේ ම සීමිත වර්ණ භාවිතය සහ බොහෝ ඡායාරුප කළු-සුදු ඒවා වීම සමකාලීන ලාංකික වීදි ඡායාරූපකරණයෙන් වෙනස් වීමක්. මම කියන්නෙ ඡායාරූපය දේශපාලන ප්‍රකාශනයක්. දේශපාලන මනසක් නැතුව ඡායාරූප ශිල්පය කලාවක් හැටියට පවත්වාගෙන යන්න අමාරුයි. එහෙම වුණ හ ම ඉදිරි ගමනක් නැතුව එක තැන දුවනවා. මම රූපය තුළ තත්ත්ව සහතිකය සොයන්නේ එහි දේශපාලනය කොයි තරම් දුරට ගැබ් වෙනවා ද කියන දේට සාපේක්ෂව මිසක් එහි මොන තරම් සෞන්දර්යයක් වහනය වෙනවා ද කියන එක මත නෙමෙයි. මම ආරාධනා කරන්නෙත් මගේ ප්‍රදර්ශනය නරඹන්න එන විට දේශපාලන අර්ථ ඔස්සේ මා සමඟ පියනඟලා ඉන් පසු තමාට අවශ්‍ය සෞන්දර්යයට යන්න කියන එකයි. අපි සාමාන්‍යයෙන් ඡායාරූපයක් සෞන්දර්යයෙන් පිරිච්ච ලස්සන දෙයක් කරන්න උත්සාහ කරන්නේ. මට ඒක අවශ්‍ය වුණේ නෑ. මට මුද්‍රාව අවශ්‍ය දේශපාලනික වීමයි. මොක ද? ඡායාරූපය දේශපාලන වාර්තාවක්.

  ලන්ඩනයේ ප්‍රදර්ශන සහ අපේ ප්‍රදර්ශන අතර දකින පරතරය මොන වගේද?

ඇත්ත ම කියනවා නම් අපිට නූතනත්වය ආවේ නෑ. අපිට ධනවාදය වත් හරියට ආවේ නෑ. අපිට ආවේ දුර්වල ධනවාදයක්. ඒ නිසාම  අපිට ලයනල් වෙන්ඞ්ට් වගේ අය පිටස්තරයෝ වුණා. ලයනල් වෙන්ඞ්ට්ලා එදා නූතනත්වයේ සංකේත වලා තිබුණේ. අපි දැක්කෙ ම ඒ අය වෙන තලයක පිරිසක් ලෙස. ඒ නිසා ම අපිට එදා සිට ම කලාව තුළට සංවාදය ආවේ නෑ.  තාක්ෂණයෙන් දියුණු වුණත්, අදත් ඒක එහෙම අඩු-වැඩි වශයෙන් තියෙනවා. ඇත්තට ම අපේ ඡායාරූප ශිල්පීන්ට හොඳ ඡායාරූප නරඹන්න අවස්ථාවක් නෑ. ජාත්‍යන්තර ප්‍රදර්ශන අවුරුද්දකට එකක්වත් නැති තරම්. අඩු ම තරමින් ප්‍රදර්ශනයක් පවත්වන්න හොඳ ගැලරි එකක්වත් නෑ. මම කියන්නේ, මේක ඡායාරූප කලාවට විතරක් ආවේණික දෙයක් නෙමෙයි. සිනමාව, නාට්‍ය කලාව ගත්තත්, නාට්‍යයක් පෙන්වන්න සුදුසු රඟහල් නෑ. ලන්ඩනයේ අපි යන ඇතැම් කලාගාරවල ඡායාරූප ප්‍රදර්ශන මාස ගණන් තියෙනවා. ඒ වාගේ ම කලාව රසවිඳින්න පුළුවන් ජනතාවක් ඉන්නවා. විවිධ ජාතීන්, විවිධ රටවලින් පැමිණෙනවා.

■  මේ ඡායාරූප සියල්ලක්ම ලන්ඩන් නගරය තුළ ඔබගේ ඇස ගැටුණ ඒවාද?

ඔව් ඇත්තටම මම නිතරම කියනවා ධනවාදය කොච්චර නරක වුණත්, අපි ඒකට එකඟ නොවුණත් ධනවාදයටම ආවේණික දියුණු සංස්කෘතියක් හදනවා. ධනවාදයේ කලාත්මක පිළිබිඹුව අවුරුදු පනහකට හැටකට පස්සේ අපි දකිනවා. ඒක කලාවේ දියුණු අවස්ථාවක්. 1821-1867 කාලේ ප්‍රංශ ජාතික කවියෙක් හිටියා ක්‍ය්කි ඊ්මාැක්සරු කියල. ඔහුගේ කවියක එක් වචනයක්  තියෙනවා ‘නාගරික ශාස්ත්‍රකාමියා’ කියලා. මේ ‘නාගරික ශාස්ත්‍රකාමියා’ කෙටියෙන් කිව්වොත් ‘සැරිසරන්නා’ කියන එකයි. මම මේ ‘නාගරික ශාස්ත්‍රකාමියා’ කියල මට හිතුණා. මේ ඡායාරූප එහි ප්‍රතිඵලයක්. මිනිස්සු අවිවේකී වුණාට ලැබෙන විවේකයෙන් ඔවුන් ඔවුන්ව හොයනවා. මමත් එහෙමයි. ඒත් එකම වෙනස මම ඒ අයව සටහන් කර ගන්නවා. ඒක මම අමුතුවෙන් ඡායාරූප ගන්නම ගිය ගමනක දී ගත්තුවා නෙමෙයි. මමත් විවේකයෙන් හිඳිද් දී සටහන් කර ගත්ත දේවල්.

■  සංවාද සටහන – රවින්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

6 + seventeen =