ඒ මම නෙමෙයි…

අද මට මිනිස්සු කියනවා..
හදුන්නෙත්ති ඔයා හොඳ මිනිහෙක්..
ඔයා තමා කෝප් සබාපති හැටියට මහබැංකුව මංකොල්ල කෑ
හොරු හෙලිදරව් කලේ…
ඔයා හොරෙක් නෙමෙයි.
ඔයාලා වගේ අය තමා පාර්ලිමේන්තු වේ ඉන්න ඕනෑ කියල .
.. ඒ මම නෙමෙයි.

 

ඔයා හොඳින් කරුණු ඉදිරිපත් කරනවා..
ඔයා කතා කරනවා අපි බලනවා..
ඊයේ ත් සිරස මාවතේ අපි බැලුවා…
එහෙම තමයි කතා කරන්න ඕනෑ කියල …
ඒ මම නෙමෙයි..

ඔයා සල්ලි වලට විකුනුනේ නෑ.
ඔයාලා වගේ අයට තමයි මේ රට හදන්න පුළුවන්..
ඔයාලා තමා මේ රටට ඕනෑ..
ඒ මම නෙමෙයි.

ඇයි බං හොඳ උපාධික් අරගෙන රස්සාවක් නොකර
මේ කට්ට කන්නේ..
නෑදෑයෝ මගෙන් ඇහුවා කාලයක් ..
දැන් අහන්නෙ නෑ.
ඒ මම නෙමෙයි..

යාලුවො කිව්ව..
බීපන් බං අපි නේ දෙන්නේ උබෙන් වියදම් වෙන්නේ නෑනෙ…
යාලුවො බොන තැන හිටිය ට බිව්වේ නෑ..
ඒ මම නෙමෙයි..

 

ඒ මම නෙමෙයි ඔහුය.
ඔහුගෙන් බිදක් මමය.

අද මම කියා කෙනෙක්
ඔබ දකින්නේ ඔහු නිසාය
ඔහු නොසිටින්න මම නැත..

මම වගේ උන් බොහෝමයක්
අද ඔබ දකින්නේ ඔහු නිසා ය.

ඔහු වන්නට මට බැරිය…
කවදාවත් බැරිය …
ඔහුට ලංවෙන්න ආසය..
මම ඔහුට ආදරය කරමි ..
අසීමිතව ආදරය කරමි.

මම ඉන්නේ..
ඔහු මේ බිමට ඉපදුනු නිසාය…
හොරෙක් නොවූ මම හැදුවේ ඔහුය..
අද මිනිසුන් මට ආදරේ ඔහු නිසා ය. ..

කොටින්ම මම ..
මම උනේ ඔහු නිසා ය. . .
ඉතින්..
මම ඔහු නොවුනත් ඔබ මම තුල දකින්නේ ඔහුය.
මැරෙන තුරුම මම ඔහු වෙමි.
ඔහු ලෙස මිය යාමට පතමි…!

– සුනිල් හඳුන්නෙත්ති

 

(dailymirror.lk හි පළවූ ඡායාරුපයක් සංස්කරණය කරන ලදී )

Leave A Reply

Your email address will not be published.

four + sixteen =