පාර ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා‍ ගම්වැසියෝ පාරට බසිති

මාතලේ ගම්මඩුව මාර්ගය වහා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ගම්මාන රැසක ජනතාව පසුගිය දා උද්ඝෝෂණයක නිරත වූහ.
වසර ගණනාවක් තිස්සේ මෙම මාර්ගය කාපට් යොදා ප්‍රතිසංස්කරණය කරන බවත්, විටින් විට ගල්, වැලි ඇතුළු මුද්‍රව්‍ය ගෙනැවිත් දමන බවත්, පසුව ඒවා  මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා යොදා නොගෙන නැවත වෙනත් ප්‍රදේශවලට රැගෙන යන බවත් එම ගම්වැසියෝ පවසති.
ප්‍රදේශයේ ගොවින් වගා කරන එළවළු ඇතුළු බෝග වර්ග නගරයේ වෙළෙඳ සල් සඳහා රැගෙන එනු ලබන්නේ ද මෙම මාර්ගයෙන් වන අතර, මේ නිසා ගොවීන් ද බලවත් අපහසුතාවට පත්ව සිටින බව ඔවුහු වැඩි දුරටත් පවසති●

 

විජිත කාරියවසම් – මාතලේ.
Leave A Reply

Your email address will not be published.

three × four =