ඔස්ට්‍රේලියාව සිය කුලුඳුල් 20යි විස්ස ලෝක කුසලානය දිනාගනියි

සිය කුලුඳුල් 20යි විස්ස ලෝක කුසලාන කිරුළ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය.
නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදීමට කටයුතු කළේය..

නවසීලන්ත නායකයා පන්දු 48ක් තුළ ඉතා අගනා ලකුණු 85 ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය.

ජයග්‍රාහී ලකුණු 173ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහර දීමේදී ඩේවිඩ් වෝනර් පන්දු 38ක් තුල ලකුණු 53 ක් ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් මිචෙල් මාෂ් පන්දු 50ක් තුල නොදැවී ලකුණු 77ක් ලබා ගත්තේය.

Leave A Reply

Your email address will not be published.

nine − 2 =