සෝමාලියානු සාම ක්‍රියාකාරිනිය මරා දමයි

සෝමාලියානු සාම ක්‍රියාකාරිනියක වූ අල්මාස් එල්මාන් පසුගිය බදාදා මොගඩිෂු නගරයේ දැඩි ආරක්ෂක කලාපයක දී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වූ ඉල්වාඩ් එල්මාන් ගේ සහෝදරියක වන ඇය 2016 – 2017 කාලය තුල කෙන්යාවේ සෝමාලියන් තානාපති කාර්‍යාලයේ දෙවන ලේකම්වරිය ලෙසද සේවය කර තිබෙනවා.

එතරම් පැහැදිලි නැති මූලාශ්‍රයන් පවසන්නේ වෙඩිවැදී රෝහල් ගතකර ප්‍රතිකාර ගනිමින් සිටින විට ඇය මිය ගියබවයි. තවත් මූලාශ්‍රයක් පවසන්නේ වෙඩි වැදුන විගස ඇය මියගිය බවයි.

ඇය ගේ අනෙක් සොහොයුරිය ඉමාන් එල්මාන් සෝමාලියානු හමුදාවේ ලුතිනන් කර්නල්වරියක ලෙස සේවය කරන අතර, සාම ක්‍රියාකාරිකයෙකු වූ ඇගේ පියා එල්මාන් අලි අහ්මඩ් 1996 මාර්තු මස මොගඩිෂු නගරයේදී මේ ආකාරයටම වෙඩිතබා ඝාතනය කලා.

Leave A Reply

Your email address will not be published.

20 − 20 =