ලොව ජනප්‍රියම කෙටි වාර්තා චිත්‍රපටය මලිඳුගේ Smiling Roses

මලිඳු කාවින්ද කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය 2021 වසරේ  ඕස්ටේ්‍රලියාවේ Focus on Ability ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළේ International Most Online Votes තරග අංශය නියෝජනය කළ රටවල් 21ක චිත්‍රපට 97කින් ජයග්‍රාහී චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර කෙටි චිත්‍රපට සම්මාන උත්සවය පැවැත්වුණේ මාර්ගගත ආකාරයෙනි.

සම්මානයට පාත්‍ර වූ මලිඳු කාවින්ද කුමාරසිංහගේ Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය ධෛර්යවත් කාන්තාවක් පසුබිම් කරගෙන නිර්මාණය වූවකි. එමෙන්ම චිත්‍රපට උලෙළේ තේමාවට අදාළව විනාඩි 5ක කාලසීමාවකට යටත්ව නිර්මාණය කරන ලද මෙම සිනමා පටය රූගත කර ඇත්තේ ජංගම දුරකථනයෙන් වීම විශේෂත්වයකි.

එමෙන්ම ඔහු විසින් නිර්මාණය කළ A Day After Revolution කෙටි චිත්‍රපටය ද ඉන්දියාවේ Ashaa International Film Festival – 2021 හි හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර විය.

මලිඳු කාවින්ද කුමාරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී විශේෂවේදී උපාධිය හදාරා තිබෙන අතර, දැනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව හදාරමින් සිටියි. එසේම ඔහු ‘ලංකා’ පුවත්පතේ නිර්නාමික කලාපයට නිරන්තරයෙන් සිය නිර්මාණ දායකත්වය සපයන, සහෘද ලේඛකයෙකි.

Leave A Reply

Your email address will not be published.

five − 3 =