හජබ්බා වගේ මිනිස්සු මේ ලෝකය බලාපොරොත්තු සහිත තැනක් බවට පත් කරනවා

මැංගලෝරයේ දොඩම් වෙළෙන්දෙක් වුණු හරේකලා හජබ්බා (Harekala Hajabba) සුදු කමිසයකින් සහ දෝතියකින් සැරසිලා, පාවහන් නොපැළදූ දෙපයින් වේදිකාවට ගොඩවෙලා ඉන්දියාවේ සිවිල් වැසියෙකුට ලැබිය හැකි හතරවෙනි උසස්ම සම්මානය වෙච්ච පද්ම ශ්‍රී සම්මානය ලබා ගන්නවා ජනාධිපති රාම් නාත් ගෝවින්ද්ගෙ අතින්!

හරේකලාවෙ නෙව්පාඩු කියන ඔහුගෙ ගමට කිසිදාක පාසලක් තිබුණෙ නැහැ. ඒ නිසා, ඔහුගේ ඉතාම සුළු ඉපැයීම් එක්ක, ජීවිතකාලයක් ඉතුරු කරපු මුදල, හජබ්බා වියදම් කරනවා ඔහුගෙ ගම්මානයේ දරුවන්ට පාසලක් ගොඩනගන්න.

අපි එයා එක්ක කරපු සාකච්ඡාවෙදි එයා මෙන්න මෙහෙම කතාවක් කිව්වා.
“මට කාගෙවත් අවධානය හෝ මාධ්‍යවල ප්‍රසිද්ධ වෙන්න ඕන වුණේ නැහැ. මට ඕන වුණේ හොඳ දේවල් කරන හොඳ මනුස්සයෙක් වෙන්න. මට ඕන වුණේ මට කවදාවත් නොලැබුණු අධ්‍යාපනය මගේ ගමේ දරුවන්ට ලබාගන්න ඉඩක් හදන්නයි. මම රජයට ස්තූතිවන්ත වෙනවා මම වගේ පොඩි ගමක මනුස්සයෙක්ට මෙච්චර ලොකු ගෞරවයක් ප්‍රදානය කරාට”

හජබ්බා වගේ මිනිස්සු මේ ලෝකය බලාපොරොත්තු සහිත තැනක් බවට පත් කරනවා. අබලන් වුණු ගිලෙන නැවක අපි ඉන්නවා වගේ හැඟීමක් නිතර දැනෙන රටකට වුණත් මෙහෙම බලාපොරොත්තු අරගෙන එන, තනිව සහ එක්ව වැඩෙහි යෙදෙන මිනිස්සු ඉන්නවා. ගිලෙනවා කියලා හිතෙනවනම්, ඊට එරෙහිව කුඩා හෝ පියවරක් තියෙන්නම ඕනේ නම්, මේ හජබ්බලා වගේ මිනිස්සු එක්ක අඩිය තියන්න. ඔබට මට නොලැබුණු සමහර දේවල් ඊළඟ පරම්පරාවට භුක්ති විඳින්න ඉඩක් හදන එකට කියන්නෙත් සටනක් කියලයි!!
ඒ සටනේ සටන්කරුවන් වෙච්ච සියළු හජබ්බලාට ගෞරවයෙන් !
උපුටාගැනීම: Be You පිටුවෙන්

අනුවාදය: ෂෙනූ පෙරේරා

Leave A Reply

Your email address will not be published.

five × two =